යළිත් දේශපාලනයට එන්නෙ නෑ - සනත් ජයසූරිය

Published in පුවත්
Wednesday, 18 March 2015 10:36

යළි දේශපාලනයට එක්වීමේ අදහසක් තමාට නොමැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් ජයසූරිය මහතා පැවසීය.

ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරදී කෙටි පිළිසඳරකට එක්වෙමින් සනත් ජයසූරිය මහතා මේ බව සඳහන් කළේය. ඒ මහතා මෙසේද කීය.

සක්‍රිය දේශපාලනය මට දැන් එපා වෙලා. මම හිතන්නේ නැහැ මම ආයෙත් දේශපාලන පිටියට එයි කියලා. මට සතුටුයි දිගටම මේ විදිහට ක්‍රිකට්වලට සේවය කරමින් එයට සහාය ලබා දෙන්න. කොහොම වුණත් මම සතුටු වෙනවා ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් වැඩි දෙයක් කිරීමට ලැබිම පිළිබඳව. මම වඩා සතුටු වෙන දෙයක් තමයි මේ තරම් දුරක් අපේ පිල ලෝක කුසලානයේ ඉදිරියට පැමිණීම. බලමු අපට ඉදිරියට යන්න හැකි වේවි. එහෙම වුණොත් මට එය දේශපාලනයට වඩා සතුටක් ගෙන දෙනවා.

ශ්‍රී ලංකාව 1996 ලෝක ක්‍රිකට් කුසලානය දිනා වසර 19ක් ඊයේ දිනට සම්පූර්ණ කිරීම ගැන ද සනත් ජයසූරිය සිහිපත් කළේය.


rivira

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us