මුහුදු සීමාව උල්ලංඝනය කරන ඕනෑම පාර්ශවයකට වෙඩි- අගමැති යළි අවධාරණය කරයි(video)

Published in පුවත්
Tuesday, 17 March 2015 11:10

ශ්‍රී ලංකාවේ මුහුදු සීමාව උල්ලංඝනය කරනු ලබන ඕනෑම පාර්ශවයකට වෙඩි තැබීමේ අයිතිය ශ්‍රී ලංකා නාවික හමුදාවට පවතින බව ඉන්දීයාවේ එන්ඩීටීවී රූපවාහිනිය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යළිත් කියා සිටියේය.

ඉන්දීය අග්‍රමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරය සිදු වීමට පෙරද ශ්‍රී ලංකා අගමැතිවරයා මේ බව ප්‍රකාශ කර තිබුණි.

අදාළ සම්මුඛ සාකච්ඡාවේ දී වික්‍රමසිංහ මහතා පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකා නාවික හමුදාවට රටේ ඕනෑම පළාතක මුහුදු සීමා උල්ලංඝණය කරනු ලබන ඕනෑම පුද්ගලයෙකුට වෙඩි තැබීමේ අයිතියක් පවතින බව හා එය නව නීතියක් නොවන බවයි.

මුහුදු සීමා උල්ලංඝනය කරමින් සිදු කරන මසුන් මැරීමේ ක්‍රියාදාමයේ ප්‍රධාන ගැටළුව වන්නේ බොටම් ට්‍රෝලින් ක්‍රමයට මසුන් අල්ලීම බවද අග්‍රාමාත්‍යවරයා පෙන්වා දී තිබේ. එසේම මෙම ධීවර ගැටළුව සම්බන්ධයෙන් දෙපාර්ශවර්වයම කරුණු දැනුවත් බවද ඔහු කියා සිටියි.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී මහතා, ශ්‍රී ලංකා සංචාරයට පෙර ද රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දීය මාධ්‍ය ආයතනයක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පවසා තිබුණේ, සිය නිවසට කිසියම් පුද්ගලයෙක් අනවසරයෙන් ඇතුළු වුවහොත් ඔහුට වෙඩි තැබීමේ අයිතිය තමාට ඇති බවයි.

මෙම මතභේදාත්මක පුවත හේතු කරගෙන ඉන්දියාවේ කොංග්‍රස් පක්ෂ විසින් නරේන්ද්‍ර මෝදී අගමැතිවරයාගේ ශ්‍රී ලංකා නිල සංචාරය අවලංගු කරන ලෙස ඉල්ලීමක් ද කර තිබුණි.

මේ අතර රනිල් වික්‍රමසිංහ මහතා, ඉන්දීය අගමැතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරය පිළිබඳව අදහස් දක්වමින් එන්ඩීටීවී රූපවාහිනියට පවසා ඇත්තේ මෝදි අගමැතිවරයා ශ්‍රී ලංකාවට දෑත දිගුකලා සේම ඊට සුබවාදී ප්‍රතිචාරයක් ශ්‍රී ලාංකිකයින් ද ලබා දුන් බවයි.

අගමැතිවරයාගේ සංචාරයේ දී ශ්‍රී ලංකාවේ සෑම පළාතක්ම ප්‍රධාන වශයෙන් පොදුවේ ආවරණය විය. විශේෂයෙන්ම උතුරු පළාතට පමණක් නොව සමස්ත ශ්‍රී ලංකාවටම ඉන්දියාවේ අවධානය යොමු කිරීම පැසසුමට ලක් විය යුතු බවද රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර තිබේ.

ලංකා පුවත්

Leave a comment

 

ld add copy

Gossip

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

 සජිත් ඇමැති මණ්ඩලය පත් කරන්නේ පොරොන්දම් බලලලු

 සජිත් ඇමැති මණ්ඩලය පත් කරන්නේ පොරොන්දම් බලලලු

සජිත් ප්‍රේමදාස එළැඹෙන ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කර ඔහු පිහි‍ටුවන ආණ්ඩුවේ අගමැතිවරයා සහ ඇමැති මණ්ඩලය...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

ක්‍රීඩා

Connet With Us