නියමයන් කැඩූ සුරාසැල් 349ක් වැසේ.

Published in පුවත්
Tuesday, 17 March 2015 11:35

සුරාබදු ආඥා පනතේ නියමයන් උල්ලංඝණය කරමින් පවත්වාගෙන යන සුරාසැල් 349ක් වහාම ක්‍රියාත්මක වන පරිදි වසා දැමීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් ලබා දී තිබේ.

ජනාධිපති කාර්යාලයේ පැවති ඒකාබද්ධ මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් කමිටු රැස්වීමට එක්වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ(16) පස්වරුවේ මෙම උපදෙස් ලබාදි ඇත.

පාසල්, විහාරස්ථාන සහ ආගමික ස්ථානවලට මීටර් 500ක් ඇතුළත පවත්වාගෙන යන සුරාසැල්වල බලපත්‍ර ද අවලංගු කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබාදී ඇත.

රජය විසින් ක්‍රියාවට නංවා ඇති මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන තුළ මත්ද්‍රව්‍යය වලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීම සඳහා විශේෂ අවධානයක් යොමුකර ඇති අතර එම කටයුතු පිළිබඳව ද මෙහිදි සාකච්ඡා වී ඇත.

මත්ද්‍රව්‍ය වැටලීම් කටයුතු තදින්ම ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම හමුවේ දී පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

මෙහිදි ජනාධිපතිවරයා පෙන්වාදෙනු ලැබූ තවත් වැදගත් කාරණයක් වන්නේ සෞඛ්‍ය විෂය පාසල් අධ්‍යාපනයට එක්කිරීම පිළිබදවය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us