එම ගැසට් නිවේදනයේ ඇතුලත් විධිවිධාන ක‍්‍රියාත්මක වනුයේ එය පාර්ලිමේන්තුවෙන් ද සම්මත වු පසුවය.
මෙම නව ව්‍යවස්ථා සංශෝධනයට අනුව ජනාධිපති ධුරයේ බලතල රැසක සංශෝධනයන් සිදුව තිබේ.ඊට අමතරව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවක් පත්කිරීම සඳහා ද මෙම නව ව්‍යවස්ථා සංශෝධනයෙන් යෝජනා වී ඇති බව සඳහන්ය.
ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනයට අදාල විධිවිධාන ගැසට් නිවේදනයක් ලෙස පළ කර තිබෙන්නේ ඒ සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කිරීමටය.ඒ අනුව මහජන අදහස් ලබා ගැනීමට සති දෙකක කාලයක් ලැබී ඇත.
එම ගැසට් නිවේදනය බලන්න පහත සබැදිය මත ක්ලික් කරන්න.
http://www.documents.gov.lk/Bills/2015/19th%20Amendment/S.pdf