ආරක්ෂක මුලස්ථානය ගොඩනැඟීම අත්හි‍ටුවනවා - රවී කරුණානායක

Published in පුවත්
Monday, 16 March 2015 20:04

පසුගිය පාලන සමයේදී ඉදිකිරීම් ආරම්භ කළ ආරක්ෂක මුලස්ථාන ගොඩනැගිල්ල ඉදිකිරීම අත් හි‍ටුවීමට අණ්ඩුවට සිදුව ඇතැයි මුදල් ඇමැති රවී කරුණානායක මහතා පවසයි. අද(16) කොළඹ පැවැති ජන හමුවකදී ඔහු මේ බව පැවැසීය.

ඔහු ප්‍රකාශ කළේ කැබිනට් අනුමැතියකින් හෝ නිසි පරිදි ටෙන්ඩර කැඳවීමකින් හෝ තොරව රුපියල් කෝටි 5000ක පමණ මුදලක් වැය කරමින් ඇමරිකාවේ ආරක්ෂක මුලස්ථානය වන පෙන්ටගනයටත් වඩා විශාල ගොඩනැගිල්ලක් ඉදිකිරීම වැරදි සහගත බවය. ඔහු රවී කරුණානායක මහතාගේ අදහස වූයේ ජනතාගේ නිවාස ප්‍රශ්න යටිතල පහසුකම් සපුරාලීම වඩා වැදගත් බවය.

එහෙත් පසුගියදා මෙම ඉදිකිරීම නිරීක්ෂණය කළ රාජ්‍ය ආරක්ෂක ඇමැති රුවන් විජේවර්ධන මහතා ඒ කටයුතු ගැන පසසා තිබුණි.

කෙසේ නමුත් පසු ගිය කාලයේ වාර්තා වූයේ ගාලුමුවදොර පිහිටි යුදහමුදා මුලස්ථානය පිහිටි ඉඩම විදේශීය හෝටල් සඳහා විකුණා දමා ලබා ගත් කෝටි 2000 පමණ මුදලක් මෙම පැලවත්ත අකුරේගොඩ ආරක්ෂක හමුදා මුලස්ථාන ය ඉදිකිරීම වෙනුවෙන් යොදා ගෙන ඇති බවය.

එම මුදල් ඒකාබද්ධ අරමුදලට ලබා නොදී ආරක්ෂක ලේකම්වරයාගේ ගිණුමක තැන්පත් කිරීම ගැනද ආන්දෝලනයක් ඇතිවිය. එම ගිණුමේ තිබු කෝටි 720 ක මුදලක් මෙම ආරක්ෂක මුලස්ථානයේ ඉදිකිරීම සඳහා යොදා ගැනිමට නියමිතව තිබු බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පිළිගෙන තිබිණි.

රජයේ දේපලක් විකිණීමෙන් ලැබෙන මුදල් ඒකාබද්ධ අරමුදලෙන් පිටත රඳවා තැබීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 වගන්තිය අනුව නීති විරෝධී වන අතර රාජ්‍ය මුදල් පාලනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව සතුවන බලය අහිමි කිරීමක්ද වේ.

DSC 0304

Leave a comment

ld add copy

Gossip

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

Connet With Us