මේ රටේ සුදුසුකම් ඕන නැති ‍රැකියා 2 යි තියෙන්නේ. එකක් ඇමැතිකම - මාදුළුවාවේ සෝභිත හිමි(photo)

Published in පුවත්
Friday, 13 March 2015 11:03

නීති හදන උත්තරීතරම ආයතනය වන පාර්ලිමේන්තුව අද පිරී තිබෙන්නේ දාමරිකයින්, කුඩුකාරයින්, එතනෝල් කාරයන්ගෙනුයි බුකී කාරයන්ගෙන් යැයි සාධාරණ සමාජයක් සදහා වූ ජාතික ව්‍යාපාරයේ කැදවුම්කරු, කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපති අති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමිපාණන් වහන්සේ ප්‍රකාශ කර සිටියහ.

උන් වහන්සේ මේ බව ප්‍රකාශ කර සිටියේ හිටපු අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහාන් ලාල් ග්‍රේරු මහතාගේ මාර්ගෝපදේශකත්වයෙන් ලයිසියම් ජාත්‍යන්තර පාසල මගින් නොමිලේ පවත්වන ලද මුල් ළමා විය සංවර්ධනය පිළිබඳ එක් අවුරුදු ඩිප්ලෝමා පාඨමාලාව සාර්ථකව නිම කළ අභ්‍යාස ලාභීන් හත්සීය දොලොස් දෙනෙකු සඳහා ඩිප්ලෝමා ප්‍රදානය කිරීමේ උත්සවයට මහරගම තරුණ සේවා සභාවේදී එක් වෙමිනි.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමිපාණන් වහන්සේ,

අපි හැම දෙනාටම ඔනෑ අපේ රට හදන්න. අපි රටට ආදරෙයි. රට හදන්න නම් පළමුව මිනිසා හදාගන්න.මොනවා කථා කලත් අපේ රටින් භාගයක් අන්ත දිළිදු අය. ඒ වගේම මිනිසුන්ගේ මනසට ලැබෙන්න ඕනා ආහාරත් නිසි විදිහට ලැබෙන්නේ නැහැ. ලෝකයට ‍‍ගෘහ සේවිකාවන් සපයමින් වහල් සේවය සපයන දූපතක් බවට අපේ රට පත් වීම ගැන ලැජ්ජා විය යුතුයි. කොච්චර දිළිදු වුනත් ඉන්දියාව, පකිස්ථානය, නේපාලය, බංගලිදේශය වහල් සේවයට කාන්තාවන් යවන්නේ නැහැ. අපේ කාන්තාවන් විදේශ වහල් සේවයේ විදින දුක ගැන ජාතියක් රටක් ලෙස අපිට ලැජ්ජා නැතිද? මේ නිසාම අද දරුවන් කොපමණ අනාථ වෙලාද? දුෂ්කර පළාත් වල පුහුණුවක් සහිත පෙ‍ර පාසල් ගුරුවරියන් සොයා ගන්න නැහැ. රජයේ ගුරුවරු දුෂ්කර පාසල් වලට යන්න කැමති නැහැ. අධ්‍යාපනයේ විෂමතා හැම තැනම.නිසි පුහුණුවක් නැතිව දරුවන්ට ඉගැන්වීම හරි භයානකයි. ඒ ළදරු අධ්‍යාපනයේදී මනෝ විද්‍යාව වැදගත්.

මේ රටේ විනාශයට මුල දේශපාලනයයි. අද සියල්ල දේශපාලනීකරණය වෙලා. ආණ්ඩුවක් මාරු වුනාම කරන ලොකුම දේ තමා මිනිස්සු මාරු කිරීම. විදුහල්පති කමට, ගුරු මාරු වීම් වලට, තානාපතිකම, සංස්ථා සභාපති කමටත් දේශපාලනය අවශ්‍ය වෙලා. ඒ නිසා මේ රට දේශපාලනීකරණයෙන් නිදහස් කර නොගත්තොත් මහා විනාශයක් වෙන්නේ. පාර්ලිමේන්තුව කියන්නේත් රටේ නීතිය හදන උත්තරීතරම ආයතනය. එතන ඉන්න ඕනා වටිනා මිනිස්සු. මෙතන ඉන්නේ දාමරිකයො, කුඩු කාර‍යො, ගංජා එතනෝල් කාරයෝ, බුකි කාරයෝයි.ඒ.ජේ රණසිංහ මහත්මයා වරක් කීවා මේ රට් කිසිම සුදුසුකමක් නැතිව කරන්න රැකියා දෙක වෙන්නේ කම්කරු කමයි, ඇමති කමයි කියා.

බුදු හාමුදුරුවො ගෝපාල සූත්‍රයේ දේශනා කලා හරක් බලන ගොපල්ලටත් අවශ්‍ය සුදුසුකම්. ඉතින් ලංකාවේ ළමයින්ට උගන්වන්න, රට හදන්න සුදුසුකම් ඕන නැතිද? රටක උගතුන්ට, කාන්තාවන්ට ආගමික නායකයින්ට සුදුසු තැන ලැබෙන්න අවශ්‍යයි. පෙර පාසල් ගුරුවරිය ළමා ලෝකයට ඇතුල් වෙලා දරුවන්ට මවක්, සොහොයුරියක්, හිතවතියක්, ලෙස දරුවන් හරි මගට යන්නට පාර කියා දෙන්න‍ට කැප වෙන්න. මනුෂයයෙකුට ව වගේම රටකටත් දැක්මක් තියෙන්න ඕන. මොහාන් ලාල් ග්‍රේරු මහතාට අධ්‍යාපනඥයෙන් ලෙස හොඳ දැක්මක් තිබෙනවා. අනාගතය පිළිබඳ යමක් කරන්නට වුවමනාව තියෙනවා. ඔහු අධ්‍යාපනඥයෙකු ලෙස අධ්‍යාපනයට ආදරෙයි, ඒ වෙනුවෙන් කරන පරහිතකාමී සේවය ප්‍රශංසනීය යි. අපි එකතුවෙලා මේ රට හදා ගමු. මේ යන වැරදි ගමන් මාර්ගය නිවැරදි මගකට හරවා ගමු. දේශපාලනීකරණයෙන් රට නිදහස් කර ගත් දාට අපිට සාධාරණ සමාජයක් හදාගන්න පුළුවන් වෙයි යැයි වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියහ .

මෙහිදී අදහස් දැක්වූ හිටපු අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ලයිසියම් ජාත්‍යන්තර පාසලේ නිර්මාතෘ මොහාන් ලාල් ග්‍රේරු මහතා,
පූර්ව පාසල් අවධියේ දරුවෙකුගේ මොලයේ සංවර්ධනයට උවමනා විවිධ අඩු වැඩිය සෑම අංශයකින්ම සැපයීමයි පූර්ව පාසල් ගුරුවරියගේ කාර්ය භාර්ය විය යුත්තේ, ගණිතය හා තර්කනය, භා‍ෂාව වගේම සංගීතය හා රිද්මය, දෑත් දෙපා පාවිච්චි කර මනෝ චාලක හැකියාවන් කෙසේද දියුණු කරන් ගන්නේ, සමාජ කුසලතා ගොඩනැගීම යනාදියත් එයට අන්තර් ගත විය යුතුයි.

පරාජයට නින්දාවට කඩාවැටීම මුහුණ දීලා ධෛර්යෙන් නැගී සිටීමට අපහසුතාවයක් අපේ රටේ ජනතාවට තිබෙනව. ඒ නිසා ලෝකයේ සියදිවි නසා ගැනීම අතින් තෙවන තැනට අපේ රටඅද පත් වෙලා.
කුඩා කල සිට දරුවන්ට ආරක්‍ෂාව ආදරය, අගය කිරීම ආදිය තිබෙනවා නම් මේ තත්ත්වය ඇති වන්නේ නැහැ. කුඩා දරුවාගේ අභ්‍යන්තරයේ තිබෙන ශක්තියත්, උපතින් ගෙන එන විභවයත් මැණිකක් වගේ කපා ඔප මට්ටම් කරන්නට දෙමාපියන් ගුරුවරුන්ට හැකියාව තිබිය යුතුයි.

දල දේශීය නිශ්පාදනයෙන් සීයයට හයක් අධ්‍යාපනය සඳහා වෙන් කරන බවට පොරොන්දු වීමත් සමඟ අපේ අධ්‍යාපන ක්‍රමයේ විශාල විප්ලවයක් ඇති වේ යැයි කියා මම විශ්වාස කරනවා. මෙම සියයට හය ක්‍රමානුනූකූලව වැඩි කළ යුතුයි. එය එකවර වෙන් කළොත් එය වියදම් කළ හැකි සැලසුම් මාලාවක්, ධාරිතාවක් අධ්‍යාපන ක්‍ෂ්‍රේත්‍රයට නැති වෙන්න පුළුවන්. අධ්‍යාපනය සඳහා රුපියල් බිලියන පන්සීයකට වඩා ලැබෙනවා. එයට දැනට වෙන් කර ඇති මුදලටත් වඩා පස් ගුණයක් වෙනවා. ඒ තුළින් අද ගරා වැටී තිබෙන යටිතල පහසුකම් ගුරුවරුන්ට තිබෙන අඩු පාඩු ඇතුලු සමස්ත අඩුපාඩු හදා ගෙන අපේ අනාගත පරපුර සඳහා පැහැදිළි දැකීමක් ඇති ගමනක් යන්නට පුළුවන්.

හිටපු අධ්‍යාපන නියෝජ්‍ය ඇමති හැටියට විද්‍යා පීඨ කාලය යම් දුරකට දිගු කර ඒවා උපාධි දෙන ආයතන බටවට පත් කල යුතුයි කියා සටන් කලා. එහෙම වුනා නම් අපේ අධ්‍යාපන ක්‍රමයට වසරකට එක්වන ගුරුවරු තුන් දහස් පන්සීය උපාධිධාරීන් බවට පත් කළ හැකියි. මනෝ විද්‍යාත්මක හා අධ්‍යාපන මූලධර්ම වලින් බලන කල පෙර පාසල් ගුරු වෘත්තිය පවා උපාධි මට්ටමට, පශ්චාත් උපාධි පමණක් නොව ආචාර්ය උපාධි දක්වා ඔසවා‍ තබන්නට පුළුවන්. ‍ගුරුවරුන් තමයි දරුවන්ට මග පෙන්වන පහන් කණු මේ පොරොන්දු ඒ ආකාරයෙන්ම ඉෂ්ට වෙලා, අධ්‍යාපනය සඳහා වෙන් වන මුදල සීයයට හය දක්වා ගෙන ගොස්, එය නිවැරදි ව කළමනාකරණය කරමින් එසේ කරන්න පුළුවන් දක්‍ෂයන් ඉහළ මට්ටමේ සිටියොත් තව අවුරුදු පහකින් මේ රටේ අධ්‍යාපනය සම්පූර්ණයෙන් වෙනස් කරන්න පුළුන්. මම දේශපාලනයට ආවේ අධ්‍යාපනය වෙනුවෙන්. මට පක්‍ෂ පාට වලට වඩා වැදගත් වූනේ මේ රටේ දූ දරුවෝ රටේ දරුවෝ වෙනුවෙන් යමක් කරන්න, මේ රටේ ඕනම පක්‍ෂයක, ඕනම දේශපාලනයක වහලෙක් වෙන්න මම සූදානම්.

අපිට වැඩිහිටියො හදන්න හරි අමාරුයි. පැහැඳිළි අනාගතයක් කරා යන්න පුළුවන් මනසත් සිතුවිළිත් පිරිසිදු අපේ දරුවො ටික හරියට හදාගත්තොත් විතරයි. ඒ සඳහා අධ්‍යාපනයේ ගුණාත්මකභාවය වර්ධනය කරන ක්‍රමයක් අවශ්‍යයි. ගුරුවරු පිළිබඳව මාස හයකට වතාවත් හෝ ඇගයීම් කර කාර්ය සාධන වාර්තවක් එළි දක්වන්නට පුළුවන් නම් මේ රටේ අධ්‍යාපන ක්‍රමය නියම මාර්ගයකට ගන්න පුළුවන්. අධ්‍යාපනයේ අපි අවසානයේ බැලිය යුත්තේ ගොඩනැගිලිවත්, සංදර්ශනවත් නොවෙයි. අධ්‍යාපනයේ අවසාන ඉලක්කය විය යුත්තේ පන්ති කාමරයේ දරුවාගේ සංවර්ධනයේ ප්‍රගතියයි. අලුත් දේ කරන්නට පුළුවන් ජාතියක් නිර්මාණය කළ හැකි තැනට අපේ රටේ අධ්‍යාපනය ගෙන යා යුතුයි. එවිට අපිට සිහිනයක්ව පැවති අපේ රටේ අනාගත පරපුර ගුණ නැණ සුව සපිරි එඩිතර අනාගත පරපුරක් තුළින් දූෂණයත් භීෂණයත් පිටු දකින පරපුරක් හදන්නට පුළුවන් වේවි.

ලයිසියම් ජාත්‍යන්තර පාසලේ මාධ්‍ය ලේකම් ජනිත දිසානායක මහතා මීට වසර විස්සකට පෙර ලයිසියම් ජාත්‍යන්තර පාසල ආරම්භ කර ජාත්‍යන්තර පාසල් පිළිබඳ චින්තව විප්ලවයක් ඇති කලා සේම මීට වසර දහයකට පෙර මුල් ළමා විය සංවර්ධන අධ්‍යාපන ගුරු පුහුණු ඩිප්ලෝමා පාඨමාලාවක් නොමිලේ ආරම්භ කර මුල් ළමා විය අධ්‍යාපනයේ යෝධ විප්ලවයක් ඇති කිරීමට අපි දායක වුණා. යුද්ධය පැවති යුගයක ඈත දුෂ්කර පළාත්වලට මේ අධ්‍යාපනය ලබා දෙමින් නගරයට සීමා වුණු දැණුම ගමට ගෙන යන්නත් අපි පෙරමුණ ගත්තා. ලංකාවේ වාර්තාගත පාඨමාලාව වන්නටත්, ලංකාවේ අංක එකේ මුල් ළමා විය සංවර්ධන පාඨමාලාවක් ලෙස ලයිසියම් පාඨමාලාවට ගෞරවය ලබා දීමටත් වසරින් වසර වැඩි වෙමින් ආ ඩිප්ලෝමාධාරීන් ගෙන් ලැබුණු ආශිර්වාදය අපට ශක්තියක් .සියල්ල මුදලට විකිණෙන සමාජයක නොමිලේ අධ්‍යාපනයත් සමඟ කුසලතා, ආකල්ප, මෙන් ම මනුෂයත්වයේ පාඩමත් කියා දෙන්නට අපට හැකි වුණා.

මෙහිදී මුල් ළමා විය සංවර්ධනය පිළබඳ ඩිප්ලෝමා ලාභීන් හත්සීය දොලොස් දෙනෙකු ඩිප්ලෝමා ලබාගත් අතර මෙම අවස්ථාව සබරගමු විශ්ව විද්‍යාලයේ සමාජ විධ්‍යා අංශයේ අංශාධිපති හා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ අධ්‍යක්‍ෂ ජනරාල් මහචාර්ය සුනිල් ශාන්ත, ලයිසියම් ජාත්‍යන්තර පාසල් සමූහයේ සම්බන්ධීකරණ විදුහල්පතිනි කුමාරි‍ ග්‍රේරු, ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රාථමික අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ජේෂ්ඨ කථිකාචාර්ය නීතිඥ ග්‍රේෂන් කුලරත්න සමඟ අධ්‍යාපනඥයින් රැසක් ද එක්ව සිටියහ.

පාඨමාලාවේ ඉහල කුසලතා වෙනුවෙන් දිලිනි ප්‍රසාදනී සහ සඳුනි කෞෂල්‍යා සම සම්මාන ද, විශිෂ්ඨතම නිර්මාණාත්මක ලේඛණ කුසලතා වෙනුවෙන් දියුණි නදීෂා සිල්වා ද විශිෂ්ඨතම අත්කම් හා නිර්මාණ කුසලතා වෙනුවෙන් එම්.ජී එරංගා චාමිනී ද විශිෂ්ඨතම නිරීක්‍ෂණ වාර්තාව වෙනුවෙන් ජී.ඒ.ජී.එන්.එල් රාජපක්‍ෂ ද, සමස්ත පාඨමාලාවේ විශිෂ්ඨතමයා ලෙස ඉමල්කා රෝෂනී ද මෙල් යන අය සම්මාන ලබා ගත්හ.

mohan-lal

sobitha-geru

 

DSC 0163

DSC 0162

jana

Last modified on Friday, 13 March 2015 11:13

Leave a comment

 

ld add copy

Gossip

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

 සජිත් ඇමැති මණ්ඩලය පත් කරන්නේ පොරොන්දම් බලලලු

 සජිත් ඇමැති මණ්ඩලය පත් කරන්නේ පොරොන්දම් බලලලු

සජිත් ප්‍රේමදාස එළැඹෙන ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කර ඔහු පිහි‍ටුවන ආණ්ඩුවේ අගමැතිවරයා සහ ඇමැති මණ්ඩලය...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

ක්‍රීඩා

Connet With Us