වකුගඩු රෝගය සුවකළ නොහැකියි. ජනතාවට පිරිසුදු වතුරයි අවශ්‍ය - වෛද්‍ය චින්තක විඡේවර්ධන

Published in පුවත්
Friday, 13 March 2015 10:38

අනුරාධපුර ශික්‍ෂණ රෝහල් අධ්‍යක්‍ෂ වෛද්‍ය අතපත්තු මහතාගේ තොරතුරු අනුව 2013 අනුරාධපුර වකුගඩු රෝහලේ මරණ සංඛ්‍යාව 289 කි. 2014 දී මරණ 232 කි. 2014 වසර තුළ රුධිර කාන්දුකරණයට පත් කළ රෝගීන් ගණන 19391 කි. 2014 දී රෝහල්ගත කළ වකුගඩු රෝගීන් සංඛ්‍යාව 1822 කි. මෙම රෝහල් සංඛ්‍යා අනුව සක්‌ සුදක්‌ සේ පැහැදිලි වන්නේ අනුරාධපුර දිස්‌ත්‍රික්‌කය වකුගඩු රෝගයෙන් ගිලගෙන ඇති බවයි. එසේම සෑම වකුගඩු රෝගියෙක්‌ම කල් පසුවී හෝ මරණයට පත්වීම වැළැක්‌විය නොහැකි බව මේ දත්තවලින් සනාථ වන බව වකුගඩු පර්යේෂක වෛද්‍ය චින්තක විඡේවර්ධන මහතා අවධාරණය කරයි.

මෙතෙක්‌ කරන ලද දේශීය හා ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තා අනුව ඒකාන්තයෙන්ම රජරට වකුගඩු රෝගය ව්‍යාප්ත වන්නේ විෂ කාරකයන්ගෙන් දූෂණය වී ඇති රජරට පොළවේ භූගත ජලය සහ පොළවේ වැවෙන ආහාර බෝග ශරීර ගතවීම නිසයි. මේ නිසා තව වසර කීපයකදී රජරට මහපොළව පිරිසිදු වන්නට වහාම රසායනික පොහොර සහ කෘෂි රසායන පොළවට හෙළීම නවත්වා ඊට විකල්ප ක්‍රියාමාර්ග ගත යුතුයි. ගොවීන්ට සහනාධාර සපයමින් මහපොළවට විෂකාරක රසායනික පොහොර යෙදීමට ගොවියාට අනුබල දෙන්නේ රජයමයි. "ග්ලයිපොසේට්‌" වැනි වල් නාශක විෂකාරකයන් සහ තවත් කෘමිනාශක කීපයක්‌ තහනම් කර ඇති බව රජය පුන පුනා කීවත් එසේ තහනම් කළ කෘෂි රසායන අදටත් වෙළෙඳපළින් ලබාගත හැකියි. රජය රටට බොරු නොකර ජනතාවට ආදරේ නම් අවංකවම රසායනික පොහොර කෘෂිරසායන පොළවට යෙදීම වහාම නැවැත්විය යුතුයි. රටට වටින්නේ කෘෂි රසායන සමාගම්වලින් ලැබෙන ප්‍රතිලාභ ද? නැතහොත් රටේ පුරවැසි ජීවිතද? වෛද්‍ය චින්තක විඡේවර්ධන මහතා ප්‍රශ්න කරයි.

ගොවිතැනට යොදාගන්නා සියලුම කෘෂි රසායන නවත්වා ගොවීන්ට ඊට විකල්ප ක්‍රියාමාර්ග හඳුන්වා දිය යුතුයි. පොළව මතුපිට පවත්නා ගංගා, ඇළ- දොළ, වැව් ආදියේ ජලය පිරිපහදු කරමින් හැම ගමකටම හැම ගෙදරකටම ලබාදීමේ වැඩපිළිවෙළක්‌ පළාත් සභාව මුල්වී ක්‍රියාත්මක කළ යුතුයි. අධික වියදමක්‌ දරා රුධිර කාන්දුකරණය කළාට ඵලක්‌ නෑ. වසර හතර පහකදී රෝගියා මිය යනවා. ඒ විශාල මුදල් සම්භාරය වියදම් කොට ගමට ගෙදරට පිරිපහදු කළ පානීය ජලය ලබා දෙන්න. එවිට රෝග බෝවීමේ ව්‍යාප්තිය අඩුවී තව වසර කීපයකදී වකුගඩු රෝගීන් නැතිවී යන්න පුළුවන් යෑයි වකුගඩු පර්යේෂක වෛද්‍ය චින්තක විඡේවර්ධන මහතා මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් සඳහන් කළේය.

divaina

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us