දින 100න් පසුව ලැබෙන ජනතා ප්‍රතිචාරය ගැන බියක් නැහැ. - අගමැති රනිල් වික්‍රමසිංහ

Published in පුවත්
Friday, 13 March 2015 11:20

'යහපාලනය ජනතාව පිළිගන්න වැඩසටහනක්‌. ඊට ජනතාව අනුමැතිය දුන්නා. අපිට බැහැ දින සියය වැඩපිළිවෙළ ක්‍රියාත්මක නොකර සිටින්න. අපි විරුද්ධයි දින සියයේ වැඩසටහන ප්‍රාණ ඇපකරුවකු ලෙස තබාගන්නවාට. දින සියයේ වැඩසටහන 100% ක්‌ නොවුණොත් එහෙනම් නැවතත් ජනතාවට අපි තීරණයක්‌ ගන්න අවස්‌ථාව දිය යුතුයි ඊළඟට ගන්න ඕන පියවර කුමක්‌ද කියලා.ජනතාව ගනු ලබන ඊළඟ පියවර ගැන මට නම් පැහැදිලියි. ඒ ගැන මට නම් කිසිම භයක්‌ සැකයක්‌ නැහැ කියලා කියන්න කැමතියි.' අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

පැෆරල් සංවිධානය විසින් සකසන ලද සාධනීය දේශපාලන සංස්‌කෘතියක්‌ උදෙසා මාර්තු 12 ප්‍රකාශය එළිදැක්‌වීම සඳහා බණ්‌ඩාරනායක අනුස්‌මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

පාර්ලිමේන්තුව, පළාත් සභා සහ පළාත් පාලන ආයතන සඳහා නාමයෝජනා ලබා දීමේදී දේශපාලන පක්‍ෂ ගත යුතු නිර්නායක, නාම යෝජනා ලබාදීමේදී අනුගමනය කිරීම සඳහා පොදු නිර්නායක රැසක්‌ සම්බන්ධව පැµරල් සංවිධානය විසින් මෙහිදී යෝජනා කර ඇත.

එහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද කියා සිටියේය.

ඉතා කාලෝචිත කාරණයක්‌ ලෙස සැලකිය හැකි යෝජනාවලියක්‌ පැෆරල් ආයතනය අද යෝජනා කර තිබෙනවා. පාර්ලිමේන්තු පළාත් සභා හා පළාත් පාලන ආයතන සඳහා නාමයෝජනා දීමේදී දේශපාලන පක්‍ෂ සැලකිය යුතු නිර්නායක ඇතුළත් යෝජනාවලියට එජාපයේ පූර්ණ කැමැත්ත පලකරනවා. අනෙක්‌ දේශපාලන පක්‍ෂත් මීට එකඟ වේවි. මහජන නියෝජිතයන්ගේ තත්ත්වය දියුණු කරන අවස්‌ථාවේදී මහජන නියෝජිත ආයතනත් දියුණු කළ යුතුයි.

එදා රාජ්‍ය මන්ත්‍රණ සභාවේ පනස්‌ දෙනා රටේ ප්‍රධානීන් ලෙස සැලකුවා. ඒත් අද පාර්ලිමේන්තුවට එම සැලකිල්ල නැහැ. එය නැවත ලබාගන්න මන්ත්‍රීවරු දැනගත යුතුයි.

අද විවිධ දේශපාලනඥයන්ට බොහෝ චෝදනා තිබෙනවා. කුඩු ගේනවා කියනවා, එතනෝල් ගේනවා කියනවා, දූෂණ වංචා කරනවා කියනවා, මේවා අපි පිළිගන්නවා. ඒකයි අපි යහපාලනයක්‌ ගේන්න කටයුතු කළේ. ඒ සඳහා විවිධ දේශපාලන පක්‍ෂ, සංවිධාන එක්‌වුණා. ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයත් ඊට එක්‌වුණා අපි එය පිළිගන්නවා.

ඒ නිසයි අපි ඔක්‌කෝම එක්‌වෙලා පසුගිය ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාව පොදු අපේක්‍ෂකයා කරන්න එකඟ වුණේ. ඒත් අවාසනාවකට එදා ශ්‍රීලනිපය ඊට එකඟ වුණේ නැහැ. එහි කොටසක්‌ පමණයි එකඟ වුණේ. ශ්‍රීලනිපය, එජනිසය එතුමාට විරුද්ධව කටයුතු කළේ.

ඒත් අපි එතුමා වෙනුවෙන් සටන් කරලා මේ රටේ ජනාධිපති ලෙස ඔහුව පත් කළා. දැන් අපි සමග ශ්‍රීලනිපයත් එකට කටයුතු කරනවා. දැන් අපි දින සියය වැඩසටහනට සම්පූර්ණයෙන්ම කැපවෙලා ඒ වැඩසටහන අපි කරගෙන යනවා. දැන් අපි ඒ අනුව ජනතාවට සහන දුන්නා. ඒ වගේම ව්‍යවස්‌ථා සංශෝධනයක්‌ ගෙන එන්න අවශ්‍යයි.

ඒ විධායක ජනාධිපති ක්‍රමයේ බලතල සීමා කරලා පාර්ලිමේන්තුවට වග කියන්නත් ඒ වගේම ස්‌වාධීන කොමිෂන් සභා ක්‍රියාත්මක කිරීමත් සඳහා අපි පක්‍ෂ සමග සාකච්ඡා කරගෙන යනවා.

දැන් අපට පුළුවන්වෙලා තිබෙනවා මේ ගැන කටයුතු කරන්න. ඒ වගේම මැතිවරණ ක්‍රමයක්‌ සකස්‌ කරන්නත් කමිටුවක්‌ පත් කරලා තිබෙනවා. අපි ලබන සතියේත් රැස්‌වෙලා මේ ගැන සාකච්ඡා කරන්න එකඟ වුණා. ඒ වගේම අපිට පුළුවන් වුණා නව මැතිවරණ ක්‍රමයක්‌ සඳහා මූලික එකඟතාවක්‌ ඇතිකර ගන්න.

අනෙකුත් කාරණාත් පිළිබඳව අපි රැස්‌වෙලා කතා කරලා ඒවා විසඳගන්න අපට පුළුවන් වේවි. යහපාලනය ජනතාව පිළිගන්න වැඩසටහනක්‌. ඊට ජනතාව අනුමැතිය දුන්නා. අපිට බැහැ දින සියය වැඩපිළිවෙළ ක්‍රියාත්මක නොකර සිටින්න. අපි විරුද්ධයි දින සියයේ වැඩසටහන ප්‍රාණ ඇපකරුවකු ලෙස තබාගන්නවාට.

අපි තීරණයක්‌ ගත යුතුයි මෛත්‍රීපාල සිරිසේන මහතාව ජනාධිපති ලෙස පත් කරන්න කටයුතු කළා වගේම මේ අවස්‌ථාවෙත් සියලු දෙනාම එකඟවෙලා කටයුතු කරන්න. එහෙනම් අපි යහ පාලනයෙන් යුතුව වැඩකටයුතු කරමු. සමහරු අපට කිව්වා ජනාධිපතිවරණය අවසන් වූ ගමන්ම මහ මැතිවරණයකට යන්න කියලා.

මොකද මේ පාර්ලිමේන්තුවේ ජනවරමේ කාලය අවසන් මහින්ද රාජපක්‍ෂ මහතා පරාජයට පත්වුණු පසුව. නමුත් අපි කිව්වා, නෑ අපි මේ කාලය පාවිච්චි කළ යුතුයි ඉතිරි වැඩ ටික කරගන්න. විශේෂයෙන් අපි හොඳ හිතින් වැඩකටයුතු කරනවා. 100% ක්‌ මෙය නොවුණොත් එහෙනම් නැවතත් ජනතාවට අපි තීරණයක්‌ ගන්න අවස්‌ථාව දිය යුතුයි ඊළඟට ගන්න ඕන පියවර කුමක්‌ද කියලා.

ජනතාව ගනු ලබන ඊළඟ පියවර ගැන මට නම් පැහැදිලියි. ඒ ගැන මට නම් කිසිම භයක්‌ සැකයක්‌ නැහැ කියලා කියන්න කැමතියි.

මෙහිදී අදහස්‌ දැක්‌වූ විපක්‍ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා - පැෆරල් සංවිධානය මේ රට තුළ නව දේශපාලන සංස්‌කෘතියක්‌ ගොඩනැඟීම සඳහා කාලාන්තරයක්‌ තිස්‌සේ සුවිශාල කාර්යභාරයක්‌ ඉටුකරනවා. ඒවගේම පසුගිය කාලයේදී ජාතික හැදුනුම්පත ඡන්දය ප්‍රකාශ කිරීමට අනිවාර්ය කළ යුතු බවට අප ගෙන ගිය සටනට ඇතැම් පක්‍ෂ විරුද්ධ වෙද්දී පැෆරල් සංවිධානය ඒ වෙනුවෙන් පෙනී සිටියා.

එහෙත් අද ඉන් ඔබ්බට ගිය තවත් වැඩපිළිවෙළක්‌ පැෆරල් සංවිධානය මගින් ක්‍රියාකරලා තිබෙනවා. මහජන නියෝජිතයන්ගේ ගුණාත්මකභාවය, කැපවීම සඳහා යෝජනා මාලාවක්‌ ගෙනත් තිබෙනවා. එය ශ්‍රීලනිපයට පිළිගැනීමට කිසිදු අපහසුතාවක්‌ නැහැ. එජනිසයටත් මෙය පිළිගැනීමට පුළුවන්.

මෙහි තිබෙන ප්‍රධාන කරුණු සියල්ලට අප එකඟයි. මූලික තේමාවක්‌ ලෙස මෙහි හරයට අප එකඟයි. පිවිතුරු දේශපාලනයක්‌ සඳහා හොඳ ආරම්භයක්‌ ලෙස. හැබැයි අපි එක දෙයක්‌ අමතක කරලා තිබෙනවා. මේ සියල්ල ක්‍රියාත්මක කිරීමට අපට හොඳ මැතිවරණ ක්‍රමයක්‌ අවශ්‍යයි.

හොඳ දේශපාලන ක්‍රමයක්‌ අවශ්‍යයි. එදා ඡේ. ආර්. ජයවර්ධන මහතා එජාපයේ නායකයා ලෙස අපට උරුම කරලා දුන්නා විධායක ජනාධිපති ක්‍රමයක්‌ සහ මනාප ඡන්ද ක්‍රමයක්‌. මේ රටේ විනාශයට හේතුවක්‌ ලෙස ඒවා හැඳින්විය හැකියි. ඒත් විධායක ජනාධිපති ක්‍රමයේ සාධනීය තත්ත්වයන් තිබූ නිසා මේ රටේ ත්‍රස්‌තවාදය අතුගා දමන්න පුළුවන් වුණා. එහි සාධනීය ලක්‍ෂණ කිහිපයක්‌ තිබුණා.

මම හිතන්නේ දේශපාලන පක්‍ෂ ලෙස ශ්‍රීලනිපයත්, එජාපයත් විධායක ක්‍රමයෙන් බැට කෑවා. ඒ නිසා අද විධායකයේ බලතල අහෝසි කිරීමේ ක්‍රියාව පිළිබඳව අපේ ප්‍රශ්නයක්‌ නැහැ. හැබැයි විධායක ජනාධිපති ක්‍රමයටත් වඩා මේ රටේ ජනතාව අවුලෙන් වියවුලට පත් කළ දෙයක්‌ තමයි මැතිවරණ ක්‍රමය.

කුඩුකාරයෝ, එතනෝල්කාරයෝ ගැන කතා කරනවා. විශාල ව්‍යාපාරිකයන් ගැන කියනවා. අපේ රටේ තිබුණු ආසනයකට වගකියන නියෝජිතයකු පත්වීමේ ක්‍රමය අකාමකා දමලා, සුනු විසුනු කළ එජාපය ගෙනාපු ඒ මැතිවරණ ක්‍රමය, අහෝසි කළ යුතුයි. ඒ තුළින් තමයි ඔබ බලාපොරොත්තු වන සාධනීය දේශපාලන සංස්‌කෘතිය කරා යන්න පුළුවන් වෙන්නේ.

ඒ නිසා මේ මනාප ඡන්ද ක්‍රමය අහෝසි කරන ජනතාවට වග කියන නියෝජිතයකු පත් කරන ක්‍රමයක්‌ තුළ තමයි මේ කියන දේවල් වඩාත් සාධනීය ලෙස ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙන්නේ.

තමන්ගේ කෙටි දේශපාලන වාසියක්‌ තකාගෙන මේ මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම පහුකරනවා නම්, අපි කියනවා දේශපාලන ගුණ්‌ඩු ගහන්න එපා. මේ සිවිල් සංවිධාන මේ තරම් මහන්සිවෙලා සාධනීය දේශපාලන සංස්‌කෘතියක්‌ කරා යන ගමනට මාංචු දාන්න එපා කියලා මම අගමැතිතුමාගෙන් කාරුණිකව ඉල්ලනවා.

අපි පෙරේදා මේ ගැන සාකච්ඡා කළා ඒත් එතුමා කියන්නේ 25 මම විසුරවනවා. 25 මම විසුරවනවා. එදාට දින සියය ඉවරයි කියලා. අපට තිබෙන ප්‍රශ්නය 25 විසුරුවන එකද, වඩා හොඳ සාධනීය දේශපාලන සංස්‌කෘතියක්‌ හදන එකද? නව මැතිවරණ ක්‍රමයක්‌ ගෙන ඒමට ආණ්‌ඩුව බාධා කරනවා. ඊළඟ පාර්ලිමේන්තුවෙන් ඒක කරනවාලු. ඒ නිසා මීළඟ පාර්ලිමේන්තුවට යන සාධනීය දේශපාලන සංස්‌කෘති අපි පිළිගන්නේ නෑ.

මේ අවස්‌ථාවේදී අපි එක්‌වෙමු නව මැතිවරණ ක්‍රමයක්‌ සඳහා ඒ සඳහා ශ්‍රීලනිපය පූර්ණ සහයෝගය දෙනවා. ඒත් දේශපාලන පික්‌පොකට්‌ ගහන එකට ශ්‍රීලනිපය සම්බන්ධ වෙන්නේ නෑ. අපේ ජනතාව වෙනුවෙන් අපිට විශාල වගකීමක්‌ තිබෙනවා.

මෙහිදී අදහස්‌ දැක්‌වූ පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්‌ටිආරච්චි මහතා - පැෆරල් සංවිධානය පසුගිය වසර තිහ තුළ මෙරට මැතිවරණ නිරීක්‍ෂණ කටයුතු සිදු කරමින් නිදහස්‌ හා සාධාරණ මැතිවරණ පැවැත්වීමට මැතිවරණ දෙපාර්තමේන්තුවට විවිධ ලෙස සහයෝගය දැක්‌වුවා. ඇත්තටම වසර 27 ක්‌ තුළ මැතිවරණ 43 ක්‌ සඳහා අපි එලෙස දායකත්වය සැපයුවා.

එහෙත් අපි තේරුම්ගත් කාරණයක්‌ තිබෙනවා ජනතාව සිතන, ඔවුන්ට අවශ්‍ය දෙය පාලනයක්‌ වෙනස්‌ වුණාම ලැබෙන්නේ නැහැ කියලා අපි දකිනවා. මේ වන විටත් විවිධ දේශපාලනඥයන්ට චෝදනා එල්ල වෙනවා. වර්තමානයේ රටේ දේශපාලනය සෝදාපාළුවකට ලක්‌වෙලා මේ පිළිබඳව අපි විවිධ සංවිධාන සමග සාකච්ඡා කළා.

ඒ අනුව අපි තීරණය කළා දේශපාලනයට පැමිණෙන අයට නිර්නායක ගෙන ආයුතුයි කියලා එහි ප්‍රතිඵලයක්‌ තමයි මේ මාර්තු ප්‍රකාශනය ඉදිරිත් කරන්නේ. මේ සඳහා අපි වසර දෙකක්‌ පමණ මහන්සි වුණා මේවා ඉටුකිරීම පක්‍ෂවලට භාරවන කටයුත්තක්‌.

මෙහිදී පැෆරල් ආයතනයේ සභාපතිනි ජෙමීමා ඉස්‌මයිල්, දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන්, සර්වෝදය සභාපති ඒ. ටී. ආරියරත්න යන මහත්වරුද අදහස්‌ දැක්‌ වූහ.

පැෆරල් සංවිධානය විසින් ගෙන ආ මෙම නිර්නායක සඳහා එකඟත්වය පළකරමින් එක්‌සත් ජාතික පක්‍ෂය, එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය, ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය, ජාතික හෙළ උරුමය, දෙමළ ජාතික සන්ධානය, මුස්‌ලිම් කොංග්‍රසය, ඊ. පී. ඩී. පී., එක්‌සත් සමාජවාදී පක්‍ෂය, නව වාමාංශික පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂය, කොමියුනිස්‌ට්‌ පක්‍ෂය ඇතුළු පක්‍ෂ ගණනාවක්‌ ද අත්සන් තැබූහ.

විවිධ පක්‍ෂ නියෝජිතයන්, මැතිවරණ කොමසාරිස්‌ මහින්ද දේශප්‍රිය, ඇමැතිවරුන්, මන්ත්‍රීවරුන් ඇතුළු විශාල පිරිසක්‌ මෙම අවස්‌ථාවට සහභාගි වී සිටියහ.

ranil ratnsiri

Leave a comment

 

ld add copy

Gossip

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

 සජිත් ඇමැති මණ්ඩලය පත් කරන්නේ පොරොන්දම් බලලලු

 සජිත් ඇමැති මණ්ඩලය පත් කරන්නේ පොරොන්දම් බලලලු

සජිත් ප්‍රේමදාස එළැඹෙන ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කර ඔහු පිහි‍ටුවන ආණ්ඩුවේ අගමැතිවරයා සහ ඇමැති මණ්ඩලය...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

ක්‍රීඩා

Connet With Us