ලංකාව ගැන වචනයක්වත් මානව හිමිකම් කොමසාරිස් නොකියයි Featured

Published in පුවත්
Tuesday, 03 March 2015 09:33

එක්සත් ජාතීන්ගේ 28 වන මානව හිමිකම් කවුන්සිල සැසිවාරය අමතමින් කතා කළ මානව හිකම් කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් මහතා ශ්‍රී ලංකාව කිසිවක් ගැන සඳහන් නොකළේය. පෙර දිනයේදී ශ්‍රී ලංකාවේ ප්‍රශ්නය සම්බන්ධයෙන් කොමසාරිස්වරයා කෙටියෙන් සාකච්ඡා කරන බවට වාර්තා පළ වී තිබිණි.


එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයට සහභාගී වී සිටින විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා ඊයේ දිනයේ මහකොමසාරිස්වරයා හමුවී ඇති බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ට්විටර් වෙබ් අඩවිය සඳහන් කළේය.

මෙහිදී මෙවර මානව හිමිකම් සැසිවාරයේ දී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සාකච්ඡා නොකරන ලෙස කළ ඉල්ලීම සලකා බැලීම පිළිබඳව මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරයාට මෙහිදී මංගල සමරවීර මහතා සිය ස්තූතිය ද පළ කර ද තිබේ.


සැසිවාරය ඇමතූ විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා සඳහන් කළේ මානව හිමිකම් සුරැකීම සඳහා ජාතික හිමිකම් ප්‍රමීතීන්ට අනුව අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳව මේ වන විට ශ්‍රී ලංකාව තුළ සාකච්ඡා වෙමින් පවතින බවයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ලබාදුන් නිර්දේශ ක්‍රියාත්මක කිරීමට පසුගිය රජය අපොහොසත් වී ඇති බව පෙන්වා දුන් විදේශ කටයුතු අමාත්‍යවරයා රට තුළ මානව හිමිකම් සුරැකීමේ යාන්ත්‍රණය ශක්තිමත් කිරීමට නව රජය අවධානය යොමුකර ඇති බව සඳහන් කළේය.

උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසමේ ඉදිරිපත් කළ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා පියවර ගන්නා බවද මංගල සමරවීර මහතා මෙහිදී පැවසුවේය.

එමෙන්ම 18 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කර 17 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ ස්වාධින ආයතන රට තුළ ස්ථාපිත කිරීම කෙරෙහි නව රජයේ අවධානය යොමුවී ඇති බව මංගල සමරවීර අමාත්‍යවරයා කීවේය.

මේ අතර මානව හිමිකම් කවුන්සිල සැසිවාරයේ දී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී ද ඊයේ අදහස් පළ කළේය.

ඊට අමතරව ජපානය ද මානව හිමිකම් කවුන්සිල සැසිවාරයේ දී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අදහස් දැක්වීය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us