මත්ද්‍රව්‍ය විරෝධී ජාතික ප්‍රතිපත්තියක්

Published in පුවත්
Tuesday, 03 March 2015 08:43

ජනාධිපති කාර්යාලයේ මුලිකත්වයෙන් ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකයක් ක්‍රියාත්මක බවත් එහි වගකීම බාරව කටයුතු කරන්නෙක් හැටියට මත්ද්‍රවය සහමුලින්ම තුරන් කිරීම සඳහා මත්ද්‍රවය විරෝධී ජාතික ප්‍රතිපත්තියක් නිර්මාණය කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් අන්තරායක ඖෂධ පාලක ජාතික මණ්ඩල පරිශ්‍රයේදී ඊයේ(02දා) පැවති මාධ්‍ය හමුවේදී පැවසීය.

මෛත්‍රී පාලනයක්- මතින් තොර රටක් යන තේමාව යටතේ මත්ද්‍රව්‍ය ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමේ වැඩ පිළිවෙල පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් ඊයේ (02දා) අන්තරායක ඖෂධ පාලක ජාතික මණ්ඩල පරිශ්‍රයේදී පැවැත්විණි. එහිදී අදහස් දැක්වූ අතුරලියේ රතන හිමියන් පැවසුවේ මත්ද්‍රව්‍ය විරෝධී අරගලයට සහය දෙමින් මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ පුදගලයන් පිළිබඳ කරුණු හෙළිකිරීමට බලාපොරොත්තු වන බවයි.

එහිදී අදහස දැක්වූ අන්තරායක ඖෂධ පාලක ජාතික මණ්ඩල සභාපති වෛද්‍ය නිලංග සමරසිංහ මහතා පැවසුවේ පසුගිය ආණ්ඩුව පෙරලා නව ආණ්ඩුව පත් කරගත් විශාල ජනතාවකගේ බලාපොරොත්තුව මතින් තොර රටක් වන හෙයින් සහ මත්ද්‍රව්‍ය ප්‍රශ්නය රටේ ජාතික ගැටළුවක් දක්වා දුරදිග ගොස් ඇති නිසා එය තුරන් කිරීමට ඒ හා සම්බන්ධ ප්‍රධාන රාජ්‍ය ආයතනය ලෙස නිතිය ක්‍රියාත්මක කරන ආයතන හා එක්ව පියවර ගන්නා බවයි.

දිවයින පුර පොලිසිවල පිහිටුවා ඇති දුෂණ විරෝධී අංශයේ ප්‍රධානම ඉලක්කය බවට භයානක මත්ද්‍රව්‍ය නිවාරණය බවට පත් කිරීමට කටයුතු කරන බව බස්නාහිර පළාත් නියෝජ්‍ය පොලිස්පති පූජිත ජයසුන්දර මහතා මෙහිදී පැවැසුවේය. වැඩිදුරටත් අදහස දැක්වූ පුජිත ජයසුන්දර මහතා පැවසුවේ පොලිස් නිලධාරීන්ට තම බල ප්‍රදේශයෙන් පිටත බල ප්‍රදේශයකට වුවද ගොස් වැටලීම් සිදු කිරීමට අවස්ථාව සලසා ඇති බවයි.


මේ මාධ්‍ය හමුව සඳහා ආගමික නායකයින්, අමාත්‍යංශ ලේකම්වරු, පොලිස් නිලධාරීන් පිරිසක් සහභාගී විය.

drugcontrol-1drugcontrol-2drugcontrol-4drugcontrol-5drugcontrol-6

Last modified on Tuesday, 03 March 2015 09:01

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us