පවතින ක්‍රමයටම ඡන්දය තියන්න - ජවිපෙ

Published in පුවත්
Tuesday, 03 March 2015 06:51

දිනේෂ් ගුණවර්ධන කමිටුව විසින් නිර්දේශ කරනු ලැබ ඇති මිශ්‍ර මැතිවරණ ක්‍රමය ශ්‍රී ලංකාවට උචිත නොවන විකෘති මැතිවරණ ක්‍රමයක් යයි ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

බීබීසී කොළඹ වාර්තාකරු අශාම් අමීන් සමඟ පවත්වන ලද සාකච්ඡාවක දී අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක කියා සිටියේ, දිනේෂ් ගුණවර්ධන නමින් ඉදිරිපත් කෙරුණත් එම මිශ්‍ර මැතිවරණ ක්‍රමය යෝජනා කරන ලද්දේ විශ්ව විද්‍යාල ආචාර්යවරුන් විසින් බවයි.

එම මිශ්‍ර මැතිවරණ ක්‍රමය ගණිතමය මට්ටමින් පවා අසාර්ථක වූවක් හැටියටයි ජනතා විමුක්ති පෙරමුණේ නායකයා විසින් විග්‍රහ කරන ලද්දේ.

‘මම එම මැතිවරණ පාර්ලිමේන්තු කාරක සභාවටත් සහභාගී වෙමින් කරුණු පැහැදිලි කළා. එම මැතිවරණ ක්‍රමය මගින් සිදු වෙන්නේ මහජන කැමැත්ත පාර්ලිමේන්තුව තුළ නිරූපණය වීම නොවෙයි. එමගින් නිරූපණය වෙන්නේ ජනතා කැමැත්තේ විකෘති පිළිබිඹුවක්’ අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

දිනේෂ් ගුණවර්ධන කමිටුව මගින් නිර්දේශ කර ඇති එම මිශ්‍ර මැතිවරණ ක්‍රමය යටතේ සිදු වෙන්නේ 50% ක් හෝ 51% ක් පමණ මහජන ඡන්ද ලබා ගනු ලබන දේශපාලන පක්ෂයකට හෝ කණ්ඩායමකට පාර්ලිමේන්තුව තුළ 70% ක පමණ නියෝජනයක් ලැබීම වන බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායකයා පවසයි.

තවදුරටත් අදහස් දක්වන මන්ත්‍රීවරයා ශ්‍රී ලංකාවේ අද පවතින ප්‍රධාන අර්බුදය දැනට පවතින මනාප ක්‍රමය නොවන බවත් සඳහන් කළේය.

 

අප්‍රියෙල් විසිතුන

කෙසේ වුවද,ලබන අප්‍රියෙල් විසි තුන් වෙනි දින පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතු බවත් ජනතා විමුක්ති පෙරමුණ කියා සිටියි.

‘ අද බලයේ සිටින ආණ්ඩුවට ඉන්නේ මන්ත්‍රීවරුන් හැටක් පමණ සංඛ්‍යාවක්. එවැනි පාර්ලිමේන්තුවක් පෙරට ගෙන යා යුතුද යන්න සලකා බැලිය යුතුයි.ඒ නිසා ලබන අප්‍රියෙල් 23 වෙනිදා වන විට මේ පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතුයි’අනුරකුමාර දිසානායක මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

අද ශ්‍රී ලංකාවට අවශ්‍ය කරන්නේ ඡන්ද ක්‍රමයේ වෙනසකට වඩා දේශපාලන ක්‍රමයේ වෙනසක් බවයි ඔහු පවසන්නේ.


ලබන අප්‍රියෙල් 23 වෙනි දින වන විට අලුත් මැතිවරණ ක්‍රමය කරා ගමන් ගත නොහැකි විය හැකි නමුත් නව ක්‍රමයක් සකස් කර ගත්තොත් ඊ ළඟ ඡන්දයක දී එය භාවිතයට ගත හැකි බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසයි.


- bbc

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us