දෙදින නිල සංචාරයක් සදහා දිවයිනට පැමිණ සිටින පෘතුගාල අග‍්‍රාමාත්‍ය පෙද්රෝ පැසෝස් මහතා සහ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අතර පැවති හමුවේදී ජනාධිපතිවරයා එම කාරණය අවධාරණය කල බව ජනාධිපති මාධ්‍ය ඒකකය පැවසිය.
තිස් වසරක් පුරා පැවති 'ත‍්‍රස්තවාදය' පරාජය කිරීමත් සමග මෙරට ජනතාව සාමයෙන් සහ සහජීවනයෙන් යුතුව කටයුතු කරන බව ජනාධිපතිවරයා පැහැදිලි කර ඇත.
මේ අතර පෘතුගාල අග‍්‍රාමාත්‍ය පෙද්රෝ පැසෝස් මහතා සහ අග‍්‍රාමාත්‍ය දී මූ ජයරත්න මහතා අතර හමුවක්ද අද පෙරුවරුවේ අග‍්‍රාමාත්‍ය නිල නිවසේදී පැවැත්වින.
අධිරාජ්‍ය වාදයෙන් සහ තිස් අවුරුදු යුද්ධයෙන් තිරසාර නිදහසක් උදාකර ගත් ශී‍්‍ර ලංකාව මේ වනවිට සීඝ‍්‍ර සංවර්ධනයක් කරා යොමුවී සිටින බව අග‍්‍රාමාත්‍ය දී මූ ජයරත්න මහතා එහිදී පවසා ඇත.