උතුර - දකුණ යාකරන ජාතික පෙරමුණක් !

Published in පුවත්
Monday, 21 July 2014 07:56

දෙමළ ජාතික සන්ධානය පක්ෂයක් වශයෙන් තවදුරටත් ස්ථාපිත කරන අතරතුර, දකුණේ වාමාංශික පක්ෂවල සහයෝගය ලබාගෙන සිංහල, දෙමළ හා මුස්ලිම් ජනතාවගේ සහභාගිත්වයෙන් ජාතික පෙරමුණක් පිහිටු විය යුතු බව දෙමළ දේශපාලන පක්ෂයක් කියා සිටියි.

යාපනයේ වීරසිංහම් ශාලාවෙදී ඊයේ සවස (ජුලි 20) ඊ.පී.ආර්.එල්.එෆ්.සංවිධානයේ මහා සමුළුව අවසන් විය.

දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන්, ඊ.පී.ආර්.එල්.එෆ්.සංවිධානයේ නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් යන මන්ත්‍රීවරුන්ද, නව සමසමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න ඇතුළු තවත් දේශපාලනඥයින් රැසක් මේ අවස්ථාවට සහභාගි වී තිබේ.

 

වෙනම රාජ්‍යයක්


කිසිදු සිංහල වැසියෙකු සමග විරුද්ධත්වයක් නොමැති බව කියා සිටි දෙමළ ජාතීක සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මන්ත්‍රීවරයා දෙමළ ජනතාව හෝ දෙමළ දේශපාලනඥයින් කිසිවිටකත් වෙනම රාජ්‍යයක් ඉල්ලා නොසිටින බව පැවසුවේය.

සියලු දෙනා ඉල්ලා සිටින්නේ උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ ප්‍රශ්න වලට ස්ථිර දේශපාලන විසඳුමක් පමණක් බව සම්බන්ධන් මන්ත්‍රීවරයා වැඩි දුරටත් කියා සිටියේය.

එහිදී අදහස් දැක්වූ ඊ.පී.ආර්.එල්.එෆ්.ස්ංවිධානයේ නායක යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් පවසා සිටියේ දෙමළ ජාතික සන්ධානයේ ශක්තිය ඉදිරි මැතිවරණ වලට පෙර ශක්තිමත් කළ යුතු බවයි.

 

සිංහල, දෙමළ හා මුස්ලිම්


දෙමළ ජනතාවගේ ප්‍රශ්න වලට තනිවම හෝ ජාත්‍යන්තරයෙන් විසඳුම් සෙවීමට නොහැකි නිසා දකුණේ සියලු වාමාංශික පක්ෂවල සහ සිංහල, දෙමළ හා මුස්ලිම් ජනතාවගෙන් සැදුම්ලත් ජාතික පෙරමුණක් වහාම පිහිටුවා ඒ ඔස්සේ උතුරු නැගෙනහිර දෙමළ ප්‍රශ්නයට විසඳුම් සෙවිය යුතු බව ප්‍රේමචන්ද්‍රන් මන්ත්‍රීවරයාගේ අදහස විය.

සමුළුව ඇමතූ නව සමසමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න පැවසුවේ දෙමළ සංවිධාන විසින් පිහිටුවීමට නියමිත ජාතික පෙරමුණට තම පූර්ණ සහාය ලබා දීමට එකඟත්වය පළ කරන බවයි.

(බිබිසි සංදේශය)

Last modified on Monday, 21 July 2014 08:08

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us