දැරියන් කෙලෙසීමේ චෝදනාවෙන් සෙබළුන් නිදහස්!

Published in පුවත්
Sunday, 20 July 2014 10:09

අවුරුදු 11 ක දැරියක් දින 11 ක් තිස්සේ සහ තවත් අවුරුදු 9 ක දැරියක් ද දූෂණය කළ බවට චෝදනා ලැබූ නාවික හමුදා භටයන් පිරිසක් අධිකරණය විසින් නිදහස් කර ඇත. මෙකී සිදුවීම වාර්තා වන්නේ යාපනය දිස්ත්‍රික්කයේ කරෙයිනගර්හි ඌරි නම් දිළිඳු ගම්මානයෙනි.

එහි විසූ වයස 11 ක දැරියක් කැලෑ බද මාර්ගයකින් පාසැල් යද්දී ඇයට පිහියක් පෙන්වා මරණ බවට තර්ජනය කළ කරෙයිනගර් නාවික කඳවුරේ සෙබලූන් පිරිසක් ඇය පැහැරගෙන දූෂණය කර ඇතැයි පැවසේ.

ඇයට තර්ජනය කරනවා ප්‍රදේශයේ මහළු පුද්ගලයෙක් දැක ඇති නමුත් ඒ බව පැවසුවහොත් ඔහුවද මරණ බවට තර්ජනය කර ඇත.

යද්දී පැහැරගෙන පාසැල ඇරී ගෙදර යන වේලාවේදී ඇය නිදහස් කර ඇති අතර කාට හෝ කීවහොත් මරා දමන බවට තර්ජනය කර තිබේ. මෙසේ එක දිගට දින 11 ක් තිස්සේ නාවික හමුදාවේ තිරිසන් සෙබලූන් 7 දෙනෙක් මේ අසරණ දැරිය දූෂණය කර ඇත.

දරිය පාසැල් නොපැමිනීම ගැන සොයා බැලීමට පාසැලෙන් නිවසට පැමිණ කරුණු සොයා බලද්දී මේ තොරතුරු හෙළි වී ඇති අතර වයස අවුරුදු 9 ක් වන ඇයගේ ඥාති දරියක්වද මේ ලෙසටම නාවික හමුදා තිරිසන් සෙබලූන් කණ්ඩායම දූෂණය කර ඇතැයි වාර්තාවේ.

තවමත් හමුදා පාලනය යටතේ පවතින මෙම ප්‍රදේශයේ නාවික හමුදා සෙබලූන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වීම සාධාරණව ක්‍රියාත්මක නොවූ බවත්, පොලිසිය හැසිරී ඇත්තේ දැරිය නාවික හමුදා සෙබලූන්ව දූෂණය කළ ආකාරයට බවත් උතුරේ මාධ්‍ය වාර්තා කර ඇත.

දැරිය රෝහල් ගත කෙරී ඇති අතරේ මුදල් රැගෙන සිද්ධිය ගැන කතා නොකර සිටින ලෙසට දරියගේ මවට සහ අක්කාට තර්ජනය කර තිබෙන බවද එම මාධ්‍ය වාර්තා පවසයි.

කෙසේ වෙතත් ඌර්කාට්තුරෙයි පොලිසිය විසින් පෙරේදා (18) නාවික හමුදා සෙබලූන් 7 දෙනෙකු ළමා මහේස්ත්‍රාත් අධිකරණයකට ඉදිරිපත් කළ අතර අධිකරණය එම අවස්ථාවේදීම හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් පවත්වා තිබේ.

වාර්තා වන අන්දමට මෙහිදී නාවික සෙබළුන් පෙරෙට්ටුවට ඉදිරිපත් කර ඇත්තේ නාවික හමුදා ඇඳුමින් හිස් වැසුම් පවා සහිතව ය. හඳුනාගැනීමට ඉදිරිපත් කර ඇත්තේ ද 11 හැවිරිදි දැරිය පමණි. 9 හැවිරිදි දැරිය ඉදිරිපත් කර නැත.

11 හැවිරිදි දැරියට හිසවැසුම් සහිතව සිටි පිරිසගෙන් තමන්ට අතවර කළ පුද්ගලයන් හඳුනාගැනීමට නොහැකි වී ඇතැයි පැවසුනද උතුරේ මාධ්‍ය වාර්තා කර ඇත්තේ, හඳුනාගතහොත් පවුලම මරා දමන බවට තර්ජනය කර තිබූ බවකි.

මෙහිදී මහේස්ත්‍රාත්වරයා නාවික හමුදා සෙබළුන් පිරිස රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට නියෝග කිරීමෙන් පසුව වැඩ බලන මහේස්ත්‍රාත්වරයෙක් යටතේ සවස යලිත් නඩුව කැඳවා, හඳුනාගත්තේ නැති හේතුව ඉදිරිපත් කරමින් සෙබළුන් පිරිස ඇප මත නිදහස් කරවාගෙන තිබේ.

කරෙයිනගර් සුන්දර මූර්ති නායර් විදුහලේ දැරිය දින 11 ක් තිස්සේ ලිංගික අතවරයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් දරුවාගේ දෙමාපියන්ට මරණ තර්ජන එල්ල වී ඇති නිසා නිෂ්ශබ්දව සිටිතැයි පවසන ගුරු සංගමය මේ පිළිබඳ අඛණ්ඩව විනිවිද භාවයෙන් යුතු පරීක්ෂණයක් සිදුකරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා ළමා රක්ෂන අධිකාරියට පීපී/14/07/484 අංකයෙන් යුතුව පැමිණිල්ලක් කර ඇත.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us