ගබ්සාව නීතිගත කිරීමේ පනත සූදානම් !

Published in පුවත්
Sunday, 20 July 2014 13:05

සීමාසහිතව ගබ්සා කිරීමට ඉඩදීමේ පනත් කෙටුම්පතක් ළඟදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට යයි.

එම පනත් කෙටුම්පතේ ප්‍රගතිය පිළිබඳව ජල සම්පාදන හා ජලාපවහන නියෝජ්‍ය ඇමැතිනි නිරූපමා රාජපක්ෂ මහත්මිය, ළමා සංවර්ධන හා කාන්තා කටයුතු පිළිබඳ උපදේක කාරක සභාවේදී කරුණු විමසා ඇත.

ඒ සම්බන්ධයෙන් තවදුරටත් කරුණු අධ්‍යයනය කරගෙන යන බව ළමා සංවර්ධන හා කාන්තා කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාවේ සභාපති ඇමැති තිස්ස කරල්ලියද්ද මහතා ප්‍රකාශ කර තිබේ.

මෙම පනත් කෙටුම්පත ගෙන ඒමේ අරමුණ වන්නේ නීති විරෝධී අන්දමින් සිදු කෙරෙන ගබ්සාවන් පාලනය කිරීම සඳහාය.

ප්‍රසිද්ධියේ නොවූවද ශ්‍රී ලංකාව පුර ඉතා විශාල ප්‍රමාණයක් අනවසර ගබ්සා මධ්‍යස්ථාන (illegal abortion centers) පවතින බව අප සියල්ලම දන්නා කරුණකි.

කෙසේ වුවද එය තවත් ඉදිරියට යමින් ජංගම ගබ්සා මධ්‍යස්ථාන (mobile abortion centers) ඇතිකිරීම දක්වා අද වනවිට ශ්‍රී ලාංකීය තාක්ෂණය දියුණු වී ඇත.

ඒ පිළිබඳ ආසන්නතම සිදුවීම අනාවරණය වූයේ මාතලේ ප්‍රදේශයෙනි. ඒ වූ කලී ත්‍රී වීලර් රථයක් පවත්වාගෙන ගිය ජංගම ගබ්සා මධ්‍යස්ථානයකි.

තවදුරටත් සිදුකල පරීක්ෂණ අනුව තවත් මෙවැනි ජංගම මධ්‍යස්ථාන විශාල සංඛ්‍යාවක් රටපුරා ඇතිබව ආනාවරණය විය. ඒ අනුව ශ්‍රී ලංකාව තුල ගබ්සාව පිලිබඳ මානුෂිය ඇසකින් බලන්නට තරම් තත්ත්වයක් උදාවී ඇති සැටියක් පෙනෙන්නට තිබේ.

මන්ද මෙවැනි ඉතා විශාල ගබ්සා මධ්‍යස්ථාන ජාලයක් පැවතීම යනු ශ්‍රී ලංකාව තුල ගබ්සාව සඳහා ඉතා විශාල අවශ්‍යතාවක් පැන නැගී ඇති බවය.


අදවන විට පවතින සංඛ්‍යාලේඛන අනුව දිනකට ශ්‍රි ලංකාව තුල සිදුවන ගබ්සා ගනන 750- 1000කි “More than 240,000 abortions are done annually in Sri Lanka in contrast to 360,000 births an year“.


එසේ වුවද මේවාද ආසන්න දත්ත වන අතර තත්ත්වය මීට වඩා ඉතා විශාල වශයෙන් දරුණු වීමට වුවද පුලුවන, මන්ද යත් අදවන තෙක් ශ්‍රී ලංකාව තුල ඇති ගබ්සා මධ්‍යස්ථාන ගණන හරියාකාරව ගණනය කර නැති බැවිනි.

අදාළ පුවත්

අනාරක්ෂිත ගබ්සාවලින් සිදුවන විපත් අවම කිරීමට නම්

Last modified on Sunday, 20 July 2014 14:19

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us