අන්තර් ජාල ළමා අපයෝජක ලාංකිකයන් 2500ක්

Published in පුවත්
Sunday, 20 July 2014 09:00

අන්තර් ජාලය ඔස්සේ ළමුන් අපයෝජනයට පොලඹවා ගැනීමට උත්සාහ දරන ශ්‍රී ලාංකිකයන් 2500 පමණ කොටුකර ගැනීමට උත්සාහ දරන බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි.

අධිකාරිය මෑතක දී ආරම්භ කළ අන්තර් ජාල ගවේෂණ ඒකකය මගින් දැනටමත් හත් දෙනකු අත් අඩංගුවට ගෙනීමට සමත් වූ බව ජාතික ළමා රක්ෂක අධිකාරියේ සභාපතිනිය අනෝමා දිසානායක මහත්මිය පැවසුවාය.

ඔවුන් අතර විශ්ව විද්‍යාල මහාචාර්යවරයකු, ක්‍රීඩා උපදේශකයකු, සහ රජයේ දෙපාර්තමේන්තුවක හා පරිගණක ආයතනයක වැඩ කරන පුදගලයන්ද සිටින බව ඇය ප්‍රකාශ කළාය.

තවත් 30 දෙනකු සමඟ අන්තර් ජාල ගවේෂණ ඒකකය සම්බන්ධකම් පවත්වන බවත් ඔවුන්ද තොරතුරු සනාථ වුවහොත් නොබෝ දිනකින් අත් අඩංගුවට ගැනීමට හැකිවනු ඇති බවත් ඇය පැවසුවාය.

2500 ක් පමණ පුද්ගලයන් අපයෝජනය කිරීම සඳහා ළමුන් පොලඹවා ගැනීමට අන්තර් ජාලය ඔස්සේ උත්සාහ දරන බව අනාවරණය කර ගෙන ඇති බවත් සභාපතිනිය දිසානායක මහත්මිය ප්‍රකාශ කළාය.

 

නමගිය පුද්ගලයන්

මේ පිරිස් ශ්‍රී ලංකා සමාජයේ ඉහල නිල තල දරන පුද්ගලයන් බව ඇය සඳහන් කළාය.

අන්තර් ජාල ගවේෂණ ඒකකයේ නිලධාරීන් ළමුන් ලෙස පෙනී සිටිමින් ළමයින් සමඟ අන්තර්ජාලයේ පණිවිඩ හුවමාරු කරගනිමින් ඔවුන් හඳුනා ගැනීම සිදුකෙරෙන බව ඇය සඳහන් කළාය.

වසර 2000 දී පමණ ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ ආධාර ඇතිව ආරම්භ කළ අන්තර් ජාල ගවේෂණ ඒකකය මගින් එම වකවානුවේදී ළමුන් පොලඹවා ගැනීමට තැත් කළ විදේශිකයන් අත්අඩංගුවට ගත්තත් දැන් අන්තර්ජාල පහසුකම් වර්ධනය වීමත් සමඟ ශ්‍රී ලාංකිකයන් ඊට වැඩි වශයෙන් යොමුව ඇති බව ඇය කියා සිටියා ය.

අපචාරවලට ග්‍රහණය කර ගත් අවස්ථා ගැන තොරතුරු ඇත්දැයි විමසූ විට ඇය පැවසුවේ ළමුන්ගෙන් මෙතෙක් පැමිණිලි ලැබී නැති නමුත් ළමුන්ට සිදුවූ හිරිහැර ගැන ලැබුණු පැමිණිලි සලකා යළිත් අන්තර් ජාල ගවේෂණ ඒකකය ක්‍රියාත්මක කළ බවයි.

(බිබිසි සංදේශය)

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us