එදා ප්‍රභාකරන්ට අවශ්‍ය වූයේද රටේ ජනතාව ජාති වශයෙන් ඛෙදා ජාතික සමගියක් නොමැති බව ලෝකයාට පෙන්වා දෙමළ ජනතාව වෙන්වීමට ඉල්ලීම සාධාරන බව පෙන්වීම බවත්, අද රාජපක්ෂ රෙජීමය සිදුකරමින් ඉන්නේද රටේ ජනතාව ජාති වශයෙන් ඛෙදා සමගියක් නැති රටක් ලෙස ලෝකයාට පෙන්වීම බවත් රාජපක්ෂ රෙජීමය ප්‍රභාකරන්ට කරන්න බැරි වූ දේ කරන බවත් ඔහු අවධාරණය කර සිටියි.
විපක්ෂ නායක රනිල් වික්රමසිංහ මහතා ඒ බව කියා සිටියේ, ගම්පොළ නගරයේ ඊයේ (19) පැවති ජනහමුවකට එක්වෙමිනි.
ජාතික සමඟිය ගොඩනැගීමට නම්, රටට වෙනසක් අවශ්‍ය බව ද නායක රනිල් වික‍්‍රමසිංහ එහිදී පැවසිය.
ගමින් ගමට 'ජනජය' වැඩසටහන යටතේ විපක්ෂ නායකවරයා මහනුවර දිස්ති‍්‍රක්කයේ ගම්පොළ මැතිවරණ කොට්ඨාසයේ ඊයේ (19) පැවති වැඩසටහන් කිහිපයකට එක්විය.
මේ අතර, ඡන්දපොළ නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් පැවති රැස්වීමකදී විපක්ෂ නායකවරයා මහනුවර දිස්ති‍්‍රක්කයේ එක්සත් ජාතික පක්ෂ නායකයින් අමතා, පක්ෂයේ තරුණ කටයුතු සහ ඡන්දපොළ නියෝජිතයින් පත් කිරීම විධිමත් සහ වේගවත් කරන ලෙස දැඩි උපදේශයක්ද ලබා දුන්නේය.