කරෛනගර් සිසුවියන්ට වූ අතවරය ගැන පරීක්ෂණයක් ඉල්ලයි

Published in පුවත්
Saturday, 19 July 2014 21:32

කරෛනගර් ප්‍රදේශයේ සිසුවියන් දෙදෙනෙකු ලිංගික අතවරයට ලක්වීම පිළිබඳව විනිවිද භාවයෙන් යුතු පරීක්ෂණයක් සිදුවිය යුතු යයි 'ලංකා ගුරු සංගමය' රජයට බලකර සිටියි.

ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා නිකුත්කළ නිවේදනයක එබව සඳහන් වේ.

එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද දැක්වේ.

කරෛනගර් ඌරි ප්‍රදේශයේ පාසල් ශිෂ්‍යයාවන් දෙදෙනෙක් ලිංගික හිංසනයට ලක්වී ඇත.

කරෛනගර් සුන්දර මූර්ති නායර් විදුහලේ දැරිය දින 11 ක් තිස්සේ ලිංගික අතවරයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් දරුවාගේ දෙමාපියන්ට එල්ල වී ඇති මරණ තර්ජන හමුවේ ඔවුන් නිහඬතාවයක පසුවන බවට තොරතුරු මාධ්‍ය විසින් වාර්තා කර තිබේ.

බරපතල අපරාධයක් සිදුවී තිබියදීත් දෙමාපියන්ට මේ ආකාරයට කටයුතු කිරීමට සිදුවීම හරහා පෙන්නුම් වන්නේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණවලට බලපෑම් සිදුවන ආකාරයකි. පසුගිය කාලය පුරාවට ම මෙවැනි සිදුවීම් ගණනාවක් උතුරු පළාතෙන් වාර්තා විය.

මෙම සිද්ධිවලට අදාළ පරීක්ෂණවලදී විනිවිදභාවයකින් කටයුතු සිදුවීමක් පෙන්නුම් නොවීම තුළ දැරියන්ට සාධාරණයක් ඉටුවීම ගැටලු සහගත තත්වයකි. එසේම මෙවැනි අපරාධයන් සම්බන්ධයෙන් යුක්තිය ඉටු කර වරදකරුවන් නීතිය ඉදිරියට නොපැමිණවීම තුළ මෙම තත්වය දිනෙන් දින වර්ධනය වන ස්වභාවයක් උතුරු පළාත තුළ දක්නට ලැබේ.

මේ වන විට පැවති හඳුනාගැනීමේ පෙරට්ටුවේදී අදාළ දැරිය සැකකරුවන් හඳුනාගෙන නොමැති වුවත් එම දැරිය ලිංගික හිංසනයට පත්වී ඇති බව වෛද්‍ය පරීක්ෂණයෙන් තහවුරු වී ඇත.

එසේම මේ වන විට අදාළ දැරියන්ගේ ආරක්ෂාව පිළිබඳව ද ගැටලුකාරී තත්වයක් මතු වී ඇති අතර දැරියන්ගේ ආරක්ෂාව තහවුරු කළයුතු බවත්, සැකකරුවන් පිළිබඳ පරීක්ෂණය අඛණ්ඩව විනිවිද භාවයෙන් යුතුව සිදුවිය යුතු බවත් ලංකා ගුරු සංගමය ඉල්ලා සිටී.

මෙම දැරියන්ට යුක්තිය ඉටු කිරීමට හා දැරියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට මැදිහත්වන ලෙස ලංකා ගුරු සංගමය ශ්‍රී ලංකා ළමා රක්ෂක අධිකාරියට පීපී/14/07/484 අංකයෙන් යුතුව පැමිණිල්ලක් කර ඇත.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us