මහින්ද කහඳගම මිලියන 107 ක් ගහලා

Published in පුවත්
Saturday, 21 February 2015 08:41

ස්‌වයං රැකියා සම්මේලනයේ සාමාජික මුදල් රුපියල් මිලියන 107 ක පමණ වංචාවක්‌ සිදු වී ඇති බවට මෙතෙක්‌ සිදු කර ඇති විමර්ශනවලින් කරුණු අනාවරණය වී ඇති බව වංචා විමර්ශන ඒකකය ඊයේ (20දා) කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

සාමාජික මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණයට යොදා ගැනීම සම්බන්ධයෙන් ස්‌වයං රැකියා සම්මේලනයේ සභාපති මහින්දරත්න කහඳගම, ලේකම් චානක අශෝක හෙට්‌ටිආරච්චි හා භාණ්‌ඩාගාරික ලක්‍ෂ්මේන්ද්‍ර කුමාර ද සිල්වා නමැති සැකකරුවන්ට එරෙහි පැමිණිල්ල ප්‍රධාන මහෙස්‌ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා හමුවේ කැඳවනු ලැබූ අවස්‌ථාවේදී වංචා විමර්ශන ඒකකය එසේ දන්වා සිටියේය.

සිද්ධියට අදාල පැමිණිල්ල කැඳවනු ලැබූ අවස්‌ථාවේදී රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකරුවෝ තිදෙනා බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබූහ.

පැමිණිල්ලට අදාළව විමර්ශන පවත්වන වංචා විමර්ශන ඒකකය කරුණු දක්‌වමින් ස්‌වයං රැකියා සම්මේලනයට අනුයුක්‌ත පිටකොටුව වෙළෙඳුන් 810 දෙනාගෙන් 125 දෙනකුගේ ප්‍රකාශ ලබා ගත් බවත් මෙතෙක්‌ සිදු කර ඇති විමර්ශන අනුව සාමාජික මුදල් රුපියල් මිලියන 107 ක පමණ වංචාවක්‌ සිදුව ඒ තුළින් රජයට වැට්‌ බදු ලෙසින් හිමි විය යුතු රුපියල් ලක්‍ෂ 13 ක්‌ පමණ අහිමි වී ඇති බවත් කියා සිටියේය.

පළමු සැකකරුගේ පාර්ශවයෙන් සාක්‌කිකරුවන්ට තර්ජන එල්ල වී ඇති බවද පැවසූ වංචා විමර්ශන ඒකකය පැමිණිල්ලට අදාල තවදුරටත් විමර්ශන පවත්වන බැවින් සැකකරුවන් ඇප මත මුදා නොහරින ලෙසට ඉල්ලා සිටියේය.

අධිකරණය මගින් කළ දැනුම් දීමක්‌ අනුව පැමිණිල්ලට එක්‌ වූ කොළඹ මහ නගර සභාවේ භාණ්‌ඩාගාරිකවරිය කරුණු දක්‌වමින් කඩ හිමියෝ වෙතින් බදු මුදල් කුලී මුදල් එකතු කිරීමේ කටයුතු සිදු කරනුයේ නගර සභාව බවත් 2014 දෙසැම්බර් 31 දා වන විට කඩ හිමියන්ගෙන් රුපියල් මිලියන 107 ක මුදලක්‌ නගර සභාවට ලැබිය යුතු බවත් දන්වා සිටියාය.

2010 ජුනි 15 දා වෙළෙඳ සල් 287 ක්‌ ද 2011 ජුලි 15 දා වෙළෙඳ සැල් 537 ක්‌ ද ලබා දී ඇති බවද පැවසූ භාණ්‌ඩාගාරිකවරිය වෙළෙඳ සල් හිමියන්ගෙන් අය විය යුතු මුදල් අය කර ගැනීමට කටයුතු යොදන බවත් දන්වා සිටියාය.

සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු කරුණු දක්‌වමින් මොවුන් මුදල් ලබා ගත් බවට අනාවරණය වීමක්‌ නොමැති නිසා හා පැමිණිල්ලෙන් කියෑවෙන චෝදනා පොදු දේපළ පනතට යටත් නොවන නිසා සැකකරුවන් ඇප මත මුදාහරින ලෙස ඉල්ලා සිටියහ.

ඉදිරිපත් වූ කරුණු කෙරෙහි සැලකිලිමත් වූ මහෙස්‌ත්‍රාත්වරයා සැකකරුවන් ඇප මත මුදා හැරීම ප්‍රතික්‍ෂේප කරමින් ඔවුන් ලබන 06 දා තෙක්‌ රක්‍ෂිත බන්ධනාගාර ගත කර තබන ලෙසත් එදිනට විමර්ශනයේ ප්‍රගතිය ඇතුළත් වාර්තාවක්‌ ගොනු කරන ලෙසත් නියෝග කළේය.

divaina

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us