නිතිඥවරයකුත් නොමැතිව අඳ යාචකයා පොලීසිය පරදවා නඩුවක් දිනයි

Published in පුවත්
Saturday, 21 February 2015 08:34

මහජනයාට පිළිකුලක්‌ සහ අප්‍රසන්න භාවයක්‌ ඇතිවන පරිදි ප්‍රසිද්ධ ස්‌ථානයක සිඟමන් යෑදීම සම්බන්ධයෙන් "අයාල ආඥ" පනත යටතේ මීගමුව පොලිසිය මගින් පැවරූ නඩුවක විත්තිකරුවකු වූ නෙත් අඳ යාචකයකු නීතිඥ සහායක්‌ නොමැතිව පොලිසිය සමග තමාම හරස්‌ ප්‍රශ්න අසමින් ජයගෙන එම නඩුවෙන් නිදොස්‌ කොට නිදහස්‌ වීමේ විශේෂ සිද්ධියක්‌ මීගමුව අතිරේක මහෙස්‌ත්‍රාත් තිලකරත්න බණ්‌ඩාර මහතා හමුවේ පැවති නඩු විභාගයකදී මහජනයාට දැකගත හැකිවිය.

මෙහි විත්තිකරු වූයේ මීගමුව කාමච්චෝඩය ප්‍රදේශයේ තාවකාලිකව ලැගුම්ගෙන සිටින කාත් කවුරුවත් නොමැති අඳ යාචකයෙකි. මහජනයාට හිරිහැර වන අන්දමින් අප්‍රසන්නතාවයෙන් යුතුව සිඟමන් යෑදීම සම්බන්ධයෙන් යාචකයන් රැසක්‌ මීගමුව පොලිසියේ පරිසර ඒකක මගින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පමුණුවා තිබිණි. මෙහිදී අත්අඩංගුවට ගත් යාචක පිරිසෙන් එක්‌ අයකු හැර අනිකුත් යාචක පිරිස වරද පිළිගත්හ. එහිදී නෙත් අඳ යාචකයකු පමණක්‌ නිවැරැදිකරු බව ප්‍රකාශ කළෙන් එහි නඩු විභාගය ආරම්භ විය.

එම පුද්ගලයා නෙත් අඳ අයකු බැවින් ඔහුට අධිකරණ ශාලාවේ විත්ති කූඩුව අසලින් වාඩිවීම සඳහා අතිරේක මහෙස්‌ත්‍රාත් තිලකරත්න බණ්‌ඩාර මහතා විසින් අසුනක්‌ද ලබාදෙන ලදී.

එහිදී තමා යාචකයකු බව ඔප්පු කරන්නේ කෙසේදැයි ඇසූ ප්‍රශ්නයට පැමිණිල්ල මෙහෙයවූ පොලිසියට උත්තර දීගත නොහැකි විය. ඊට අමතරව එම සිද්ධියට අදාළව පොලිසිය මගින් අත්අඩංගුවට ගත් නඩු භාණ්‌ඩ අධිකරණයට ඉදිරිපත් කරන්නේ දැයි පොලිසියෙන් හරස්‌ ප්‍රශ්න ඇසූ අවස්‌ථාවේ එයටද පිළිතුරු දීගත නොහැකිව පොලිසිය අසරණ විය.

මෙහිදී නඩු විභාගයේදී යාචකයාට එරෙහිව නඟා ඇති චෝදනාව ඔප්පු කිරීමට පොලිසියට නොහැකිවීම සැලකිල්ලට ගත් අතිරේක මහෙස්‌ත්‍රාත් තිලකරත්න බණ්‌ඩාර මහතා විසින් එම විත්තිකරු (යාචකයා) නඩුවෙන් නිදොස්‌ කොට නිදහස්‌ කර මුදාහැරීමට නියෝග කළේය.

 

 

divaina

Last modified on Saturday, 21 February 2015 08:37

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us