චෝගම් වෙනුවෙන් ජනමාධ්‍ය වියදම පමණක් මිලියන 1117 ක් Featured

Published in පුවත්
Saturday, 21 February 2015 08:28

ශ්‍රී ලංකාවේදී 2013 වසරේ පැවැති පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව වෙනුවෙන් එවකට පැවැති ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යාංශය හා ඊට අදාළ අනෙක් ආයතන රුපියල් දසලක්ෂ 1117 ක් වැය කර ඇති බවත්, මෙම වියදම්වල බිල්පත් පවා නොමැති අතර පරීක්ෂණයක් පැවැත්වීමට සිදුවී ඇතැයි ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු කටයුතු ඇමැති ගයන්ත කරුණාතිලක මහතා ඊයේ (20) පාර්ලිමේන්තුවේදී කීය.

ශ්‍රී ලංකාව වැනි රටකට මෙවැනි මුදලක් ජනමාධ්‍ය කටයුතු සඳහා වැය කිරීම ආර්ථිකයට බරක් බවත්, දේශීය හා විදේශීය මාධ්‍යවේදීන් සඳහා රාත්‍රී භෝජනය ඇතුළු සංග්‍රහ කටයුතු සඳහා රුපියල් දසලක්ෂ 10 ක් වැයකර ඇති බවත් කීය. ප්‍රශ්නය විමසූ අනුර කුමාර දිසානායක මහතා රුපියල් දසලක්ෂ 10 ක් වැයකර පැවැත්වූ සංග්‍රහයේ ආහාර මෙනුපත කුමක්දැයි විමසා සිටියේය.

මෙය ග්‍රහලෝකයක පැවැත්වූ සමුළුවක් දැයි විමසූ දිසානායක මහතා, මාධ්‍ය කටයුතු සඳහා යැයි කියමින් විශාල දූෂණයක් සිදුකර ඇති බව පෙනෙන බව කීය. භාණ්ඩාගාර ප්‍රතිපාදන මඟින් මෙම වියදම් දරා ඇති බව කී ඇමැතිවරයා මෙපමණ මුදලක් වැය කිරීම ජනතාව ප්‍රතික්ෂේප කර ඇති බව ද කීය.

මාධ්‍ය මධ්‍යස්ථානය ඉදිකිරීම හා පවත්වාගෙන යාම සඳහා රුපියල් දසලක්ෂ 82.8 ක් ද, විද්‍යුත් මාධ්‍ය ආයතන මඟින් සිදුකරනු ලැබූ ප්‍රචාරක වැඩසටහන් සඳහා රුපියල් දසලක්ෂ 181 ක් ද, ජනතාව දැනුවත් කිරීමේ ප්‍රචාරක වැඩසටහන් සඳහා රුපියල් දසලක්ෂ 144 ක් ද, කාර්යාල උපකරණ සඳහා රුපියල් දසලක්ෂ 5 ක් ද, ලාංඡනය නිර්මාණය කිරීම හා පුවත්පත් දැන්වීම් සඳහා දසලක්ෂ 4 ක් ද, චෝගම් ව්‍යාපෘති කාර්යාල නිලධාරීන්ට දීමනා සඳහා රුපියල් ලක්ෂ 2 ක් ද, නිලධාරී දීමනා සඳහා රුපියල් ලක්ෂ තුනහමාරක් ද වැය කර ඇති බව කරුණාතිලක මහතා අනාවරණය කළේය.

 

 

 

 

dinamina

Last modified on Saturday, 21 February 2015 08:32

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us