මහින්දානන්දගේ සජින් වාස්ගේ වත්කම් සොයන්න අධිකරණය නියෝග කරයි

Published in පුවත්
Saturday, 21 February 2015 08:15

නීති විරෝධී ලෙස පසුගිය ආණ්ඩු සමයේ කෙටි කාලයකදී වත්කම් ඉපැයූ බව කියන හිටපු ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ හා පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන යන අයගේ බැංකු ගිණුම් වාර්තා වත්කම් වාර්තා රහස් පොලිසියට ලබා දෙන ලෙසට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා මූල්‍ය ආයතන 81 ක කළමනාකරුවන් වෙත හා දේශීය ආදායම් කොමසාරිස් වෙත ඊයේ (20) නියෝග නිකුත් කළේය.

නීති විරෝධී හා අයථා ලෙස කෙටි කාලයකදී මහජන මුදල් හා දේපළ වංචා කැර උපයා ගත් මුදලින් ලබාගෙන ඇති වත්කම් සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ පනත යටතේ විමර්ශන මොවුන් තිදෙනාට එරෙහිව ආරම්භ කැර ඇති බව සඳහන් කරමින් රහස් පොලිසිය අධිකරණය හමුවේ මේ නියෝග නිකුත් කරන ලෙස ඉල්ලීම් කෙළේය.

හිටපු ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා නීති විරෝධී ක්‍රියාකාරකම් හා අයථා ක්‍රම මඟින් උපයා ගත් මුදල් විදේශීය බැංකු ගිණුම්වල හා දේශීය බැංකු ගිණුම්වල තැන්පත් කැර ඇති බවත්, එම මුදලින් විශාල වශයෙන් දේපළ මිලදී ගෙන ඇති බව සඳහන් කරන පොලිසිය ඒ සම්බන්ධව විමර්ශන පවත්වා ඉඩම් රෙජිස්ටාර් කාර්යාලයෙන් ලේඛන ලබාගෙන ඊ. එම්. ඒ. වීරසිංහ, යූ. එම්. සමන්, පී. වී. සිරිවර්ධන යන අයගේ ප්‍රකාශ ලබාගත් බවට රහස් පොලිසිය අධිකරණය හමුවේ පැවසීය.

මතලාවේ මහින්දානන්ද අලුත්ගමගේ (643262630 V) අඹගහපොළගේ ආශා විජයන්ති පෙරේරා (657361992 V) හා රණිර්ක බණ්ඩාර අලුත්ගමගේ (930154199 V) යන අය වර්ෂ 2006 සිට 2015/01/26 දක්වා කළ ගනුදෙනු සම්බන්ධ වාර්තා හා වත්කම් දේපළ, සේප්පු, ලොකර්, ක්‍රෙඩිට් කාඩ්, ඩෙබිට් කාඩ්, කොටස් ආදී ඇතුළු බැංකු 34 මූල්‍ය ආයතන 48 ක වාර්තා කැඳවීමට රහස් පොලිසිය අධිකරණයෙන් ඉල්ලීම් කැර තිබිණි.

මීට අමතරව 2006 සිට වත්කම් බැරකම් වාර්තා හා ප්‍රකාශන දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා වෙතින් නිකුත් කරන ලෙසට ද අධිකරණයෙන් පොලිසිය ඉල්ලීම් කැර තිබිණ. පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන නීති විරෝධී හා අයථා ආකාරයට මුදල් උපයා නිවාස, ඉඩම්, වාහන හා ගුවන් යානා අත්පත් කැරගෙන ඇති බව පවසන රහස් පොලිසිය අයථා ක්‍රම මගින් උපයා ගත් මුදල් සම්බන්ධ‍ෙයන් මුදල් විශුද්ධිකරණ පනත යටතේ විමර්ශන ආරම්භ කරමින් සමාගම් මැදුරෙන් විස්තර ලබාගෙන විමර්ශන ආරම්භ කළ බවට අධිකරණයට කරුණු වාර්තා කැර තිබිණ.

සජින් වාස් ගුණවර්ධන (731230045 V), නියානා දයන්ති (7950500027 V) යන අයගේ හා ඇන්තනිස් සමාගමේ ක්‍රියාකාරී වජිර කාලිංග විජේවර්ධන (470620919 V) යන අයගේ බැංකු ගිණුම් වාර්තා, සුරැකුම්පත්, විනිමය වාර්තා, ක්‍රෙ‍ඩිට්, ඩෙබිට් කාඩ්පත්, ලොකර්, සේප්පු ආදී විස්තර බැංකු 34 ක මූල්‍ය ආයතන 48ක ලබාගැනීමට හා වත්කම් බැරකම් ප්‍රකාශන දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් ලබාගැනීමට රහස් පොලිසිය අධිකරණයෙන් අවසර ඉල්ලා තිබිණ.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ හිටපු සභාපති ප්‍රියත් බන්දු වික්‍රම පසුගිය ආණ්ඩුව සමයේ වරායේ සේවය කළ කාලය තුළදී අක්‍රමිකතා සිදුකැර අයථා දේපළ උපයා ඇත්ද යන්න සම්බන්ධව විමර්ශන ආරම්භ කැර ඇති බවට රහස් පොලිසිය අධිකරණයට කරුණු දක්වා තිබිණ. ප්‍රියත් බන්දු වික්‍රමමුනිගේ (731521581 V) චන්දිමා හිමාලි විජේසේකර ඒකනායක (776981710 V) යන අයගේ බැංකු ගිණුම් වාර්තා, ක්‍රෙඩිට්, ඩෙබිට් කාඩ්පත්, ලොකර්, සේප්පු ආදී විස්තර ඇතුළත්ව බැංකු 34 ක හා මූල්‍ය ආයතන 47 වාර්තා පොලිසිය වෙත නිකුත් කරන ලෙසට අධිකරණය නියෝග නිකුත් කැර තිබිණ.

මෙයට අමතරව නුගේගොඩ, නාවල පාර, නො: 150 පිහිටි ගිස්මෝ ඉන්ටනැෂනල් ආයතනයේ ආදායම් බදු විස්තර ලබා දෙන ලෙසට දේශීය ආදායම් කොමසාරිස් ‍ජනරාල්වරයා වෙත ද නියෝග නිකුත් විණි.දූෂණ විරෝධී හඬ කැඳවුම්වරු වසන්ත සමරසිංහ මහතා ඉකුත් 8 වැනි දින රහස් පොලිසිය වෙත කරන ලද පැමිණිලි තුනකට අනුව රහස් පොලිසිය මෙම විමර්ශන ආරම්භ කැර ඇත. රහස් පොලිසියේ කාන්තා පොලිස් පරීක්ෂක ටී. ඩී. හෙලඋඩගේ හා නාලිනි යන අය අධිකරණයට කරුණු වාර්තා කැර තිබිණ.


dinamina

Last modified on Saturday, 21 February 2015 08:23

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us