නාමල්, හොර පාරෙන් ගන්න ගිය උපාධියට වැට

Published in පුවත්
Tuesday, 17 February 2015 08:46

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජ්‍යෙෂ්ඨ පුත්‍රයා වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අපරාධ විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියක් ලබාගැනීම සඳහා ක්‍රියා කළ ආකාරය පිළිබඳව උසස් අධ්‍යාපන අමාත්‍යංශය සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය වෙන වෙනම පරීක්ෂණ දෙකක් සිදු කිරීමට තීරණය කැර ඇතැයි උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉහළ පෙළේ නිලධාරියක් සඳහන් ‍කළේය.

එසේම නාමල් රාජපක්ෂ මහතා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම හරහා විශ්වවිද්‍යාලයට නොතේරුණු ශිෂ්‍යාවක් සම්බන්ධයෙන් ලිපියක් ලබා දෙමින් විශ්වවිද්‍යාලයකට ඇතුල් කැර ගන්නා ලෙසට කළ ඉල්ලීම සම්බන්ධයෙන් මේ වන විටත් පරීක්ෂණ ආරම්භ කැර ඇතැයි ද එම නිලධාරියා පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අපරාධ විද්‍යාව පිළිබඳව ආචාර්ය උපාධියක් ලබාගැනීම සඳහා ලියාපදිංචියේ සිටම ඉතා බරපතළ විෂමාචාර සිදු කර ඇතැයි දැනට කරන ලද පරීක්ෂණ වලින් සනාථ වී ඇතැයි එම නිලධාරියා සඳහන් කෙළේය.

මෙම අපරාධ පිළිබඳ ආචාර්ය උපාධිය ලබාගැනීම සඳහා රාජපක්ෂ මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ලියාපදිංචි වී ඇති අතර ආචාර්ය උපාධියට පෙර සම්පූර්ණ කළ යුතු දර්ශනපති උපාධිය සම්පූර්ණ නොකොට කෙලින්ම ආචාර්ය උපාධියට ඉදිරිපත්වීමට හැකි ලෙසට හිමිකම් ලබා ගෙන ඇතැයි ද එම නිලධාරියා පැවසීය.

මෙසේ හිමිකම් ලබාදීම සඳහා එම විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය එන්. එල්. ඒ. කරුණාරත්න සෙනට් සභාවට යෝජනාවක් ඉදිරිපත් කැර එය සම්මත කැරගෙන එම වරප්‍රසාදය නාමල් රාජපක්ෂ මහතා වෙත ලබාදී ඇතැයි දැනට කරන ලද මූලික පරීක්ෂණ වලින් සනාථ වී ඇතැයිද හෙතෙම පැවසීය.

මෙම කටයුත්තේදී නාමල් රාජපක්ෂ මහතාගේ අධීක්ෂක ලෙස කටයුතු කැර ඇත්තේ මහාචාර්ය කරුණාරත්න වන අතර ඔහු උපකුලපති ධුරයට අමතරව භූගෝල විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයකු වීම මෙම කටයුත්තේ ඇති අක්‍රමිකතාවලට හේතුවී ඇති අතර ඔහු අධීක්ෂණය කැර ඇත්තේ නාමල් රාජපක්ෂ මහතාගේ ආචාර්ය උපාධිය පිළිබඳවීම මෙහි ඇති විෂමාචාරයට තවත් සාක්ෂියක් වී ඇතැයි හෙතෙම සඳහන් කළේය.

පසුගිය සමයේ නීති විද්‍යාලයේ විභාගයට පෙනී සිටිමින්ද නීතිඥ නාමල් රාජපක්ෂ බරපතළ විෂමාචාරයන් කර ඇතැයි හෙළිදරව් වූ අතර එහිදී අධිකරණ ක්‍රියාමාර්ගයක් ගැනීමට උත්සාහ කළ තරුණයාට සිදුවූයේ රට හැර යෑමටය.


dinamina

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us