පියවි ඇසට පෙනෙන ග්‍රහ සංග්‍රාමයක් ළඟදීම!

Published in පුවත්
Tuesday, 17 February 2015 10:23

බුධ, සිකුරු, අඟහරු සහ සෙනසුරු යන ග්‍රහයන් සිව්දෙන පසුගිය වසර අවසානයේදී සූර්යයා සමග බොහෝ ළංව පිහිටා තිබීමෙන්, අප රටේ පමණක්‌ නොව මුළු ලොව පුරාම කාලගුණ පෙරළියක්‌ සිදු කළේය.

ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට අප රටේ පිහිටි කන්තලේ, මින්නේරිය, කොත්මලේ ආදී ජලාශ සියල්ල පිරී ඉතිරී ගොස්‌ වාන්දැමූ අතර ප්‍රදේශ රැසකට ගංවතුර බියක් ද ඇති විය. මහ වැසි මගින් මහ පාරවල් ගංගා බවට පත්වූයෙන් රට තුළ ගමනා ගමනය ද අඩාලවිය. මෙලෙස ලොව පුරා දැඩි කාලගුණ විපර්යාසයක්‌ සිදුකිරීමට හේතු වූ ග්‍රහයන්ගෙන් කීපදෙනකු මේ දිනවල ද සැන්දැ අහසේ පියවි ඇසින් දැක බලාගැනීමට හැකිය.

අප සෞරග්‍රහ මණ්‌ඩලයේ අධිපතියා වන සූර්යයා පෙබරවාරි 16 වැනි දින දක්‌වා රාශි චක්‍රයට අයත් 'මකර' රාශිය තුළ දක්‌නට ලැබුණ ද, පෙබරවාරි 17 වැනි දින සිට මාර්තු 12 වැනි දින දක්‌වා එය 'කුම්භ' රාශිය තුළ දක්‌නට ලැබේ. මෙය මෙසේ වුවද, තාරකා විද්‍යාවෙහි විශේෂ සංසිද්ධියක්‌ ලෙසට සැලකිය හැකි 'ග්‍රහ සංගමයක්‌" හෙවත් ජෝතිෂ්‍යයට අනුව 'ග්‍රහ යුද්ධයක්‌' ඔබ සැමට පියවි ඇසින් බලා ගැනීමේ මහඟු අවස්‌ථාවක්‌ පෙබරවාරි මස 22 වැනි දිනට යෙදී ඇත.මේ අනුව අප පෘථිවියේ අසල්වැසි ග්‍රහයන් දෙදෙනා වන සිකුරු ග්‍රහයාත්, එමෙන්ම අඟහරු ග්‍රහයාත් මෙලෙස 'ග්‍රහ සංගමයක' යෙදීමට නියමිතය.

සූර්යයා බැස යාමත් සමගම බස්‌නාහිර අහස දෙස බලන අයකුට පොළොවේ සිට අංශක 45 ක්‌ පමණ ඉහළින් විදුලි බුබුලක්‌ මෙන් එළිය විහිදුවන සිකුරු ග්‍රහයා ඉතා පහසුවෙන්ම බලා ගැනීමට ලැබෙනු ඇත. එමෙන්ම, සිකුරු ග්‍රහයාට තරමක්‌ ඉහළට වන්නට රත් පැහැයක්‌ ගන්නා අඟහරු ග්‍රහයා ද දැකගැනීමට පිළිවන. මෙම ග්‍රහයන් දෙදෙනා පෙබරවාරි මස 22 වැනිදා උදේ 10.44 ට එකිනෙකා වෙත බොහෝ ළංව පිහිටමින් 'ග්‍රහ සංගමයක්‌' හෙවත් 'ග්‍රහ යුද්ධයක්‌' සිදු කළ ද, එම අවස්‌ථාව ශ්‍රී ලංකාවාසීන් හට බලා ගැනීමට නොහැකිය.

නමුත් 'ග්‍රහ සංගමයකට' හෙවත් 'ග්‍රහ යුද්ධයකට' මුල්වූ 'සිකුරු' ග්‍රහයාත්, එමෙන්ම 'අඟහරු'ග්‍රහයාත් පෙබරවාරි 21 වැනි දින සහ පෙබරවාරි 22 වැනි දින හිරු බැස යැමත් සමගම සැන්දැ අහස දෙස බැලීමේදී ඒවා එකිනෙකට ළංව පිහිටා තිබෙන අයුරු ලොකු කුඩා ඕනෑම අයකුට විදු උපකරණයකින් තොරව බලා කියාගැනීමට හැකියාව ලැබේ.

දිවයින

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us