මහින්ද අගමැති අපේක්ෂකයා වෙන්නේ නෑ - සන්ධානයත් විසුරුවයි

Published in පුවත්
Monday, 16 February 2015 11:55

මහින්ද රාජපක්ෂ මහතා ඉදිරි මහ මැතිවරණයේදි අගමැති අපේක්ෂකයා ලෙස කිසිදු පක්ෂයකින් හෝ සන්ධනයකින් ඉදිරිපත් වන්නේ නැතැයි එම පවුලේ ආරංචි මාර්ග සඳහන් කරයි.

විමල් වීරවංච දිනේශ් ගුණවර්ධන හා වාසුදේව නානායක්කාර ආදීන් මේවන විට ඉදිරි මහ මැතිවරනයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අගමැති අපේක්ෂකයා වන්නේ මහින්ද රාජපක්ෂ මහතා බවද දැවැන්ත ප්‍රචාරයක් ගෙන ගියද රාජපක්ෂ මහතා මේවන විට නිශ්චිතවම ඉදිරි මහ මැතිවරණය සඳහා ඉදිරිපත් නොවන බව එම ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කරයි.

මහින්ද රාජපක්ෂ අගමැති අපේක්ෂකයා වීම සඳහා සාකච්ඡා කිහිපයක්ම පැවැති නමුත් ඒ අවසන් මොහොතේ අත්හැර දැමීමට සිදුව ඇත්තේ බැසිල් රාජපක්ෂ මහතා විසින් කළ අනතුරු හැඟවීමක් නිසා බවද හෙළිවේ. පසුගිය සති කිහිපයේදී මහින්ද රාජපක්ෂ පවුලේ සාමාජිකයන් බැසිල් රාජපක්ෂට එරෙහිව දැඩී වෛරී සහගත ලෙස කටයුතු කළේය.

කෙසේ නමුත් ඉදිරි දින කිහිපය ඇතුලත බැසිල් රාජපක්ෂ මහතා මෙරටට පැමිණෙන බවද ඔහුගේ හිත්වතුන් හා පවසා ඇත.

එමෙන්ම සන්ධානයේ හා ශ්‍රී ලනීපයේ වත්මන් නායකයන්ගේ ප්‍රකාශ වලින් පැහැදිලි වන්නේද මහින්ද රාජපක්ෂ මහතා එම සන්ධානයෙන් ඉදිරිපත් වීමට කිසිදු ඉඩක් නොලැබෙන බවය.

එමෙන්ම එම සන්ධානයේ තොරතුරු මාර්ග සඳහන් කරන්නේ සන්ධානය විසුරුවා හැරීම නුදුරේම සිදුවනු ඇති බවය. මේවන විට සන්ධානයේ පක්ෂ අතර එකඟ තාවයන්ගෙන් තොරව සිදුවන කටයුතුවල පවතින තත්වයන්ගේ වර්ධනය අනුව එම පියවර ගැනීමට සිදුවීම විය හැකි බව පැවැසේ.

එහි ලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතාට ශ්‍රී ලනීපයේ ජාතික සංවිධායක ධුරය පිරිනමනු ලැබුවේ ද ඒ නිසා බවත් එම තොරතුරු මාර්ග පවසයි. ඒ අනුව ඉදිරි මහ මැතිවරණයේදී ශ්‍රී ලනිපය ලෙස හෝ වෙනත් සන්ධානයක් ලෙස හෝ ශ්‍රී ලනීපය හා දැනට විපක්ෂය නියෝජනය කරන පක්ෂ කිහිපයක් ඉදිරිපත් වෙනු ඇත.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us