කැටගොඩ අස්වුණොත් ෆොන්සේකාට පාර්ලිමේන්තු අසුන ලැබෙනවා - මැකො

Published in පුවත්
Saturday, 14 February 2015 20:18

පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා ඉල්ලා අස්වන්නේ නම් ජෙනරල් සරත් ෆොන්සේකා මහතාට එම පාර්ලිමේන්තු අසුන ලබා ගැනීමේ නීතිමය හැකියාවක් පවතින බව මැතිවරණ කොමසාරිස්වරයා පවසයි.

සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීම හේතුවෙන් එම මන්ත්‍රී අසුන ඔහුට අහිමි වූ අතර ඉන් පසුව එම පක්ෂයේ මනාප ලැයිස්තුව අනුව ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කළ ලක්ෂ්මන් නිපුනආරච්චි මහතාට හිමිවූ නමුත් ඔහු එම අසුන ලබා ගත්තේ නැත. ඒ අනුව ඊළඟට මනාප හිමි ජයන්ත කැටගොඩ මහතා එම අසුනට හිමිකම් කීවේය.

එහෙත් පසුගිය ජනාධිපතිවරනයේදී කැටගොඩ මහතා ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය අතහැර රාජපක්ෂවරුන්ට සහය පල කළේය. එහිදී ඔහු පැවැසූවේ ෆොන්සේකා මහතාට එරෙහිව තිබෙන චෝදනා වලින් ඔහුව නිදහස් කර ගැනීම වෙනුවෙන් හිටපු ජනාධිපති රාජපක්ෂට සහය පළ කළ බවය. ඒ කෙසේ නමුත් හිටපු ජනාධිපතිවරයාගේ පරාජයෙන් පසුව ජනවාරි 18 වන දින කැටගොඩ මහතා පැවැසුවේ ෆොන්සේකා මහතට නිශ්චිතවම පාර්ලිමේන්තු අසුන ලැබේ නම් තමා එම ධුරයෙන් ඉල්ල අස්වන බවය.

නමුත් මේ වන විට කැටගොඩ මහතා ආගිය අතක් නැති බවට දේශපාලන ලෝකයේ කසුකුසුවක් පවතී

Last modified on Saturday, 14 February 2015 20:30

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us