අමෙරිකාවේ නිල සංචාරයක නිරත විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා එක්සත් ජාතින්ගේ සංවිධානයේ අැමෙරිකානු තානාපතිවරිය මුණගැසී සාකච්ඡා කර තිබේ.
අදාළ සාකච්ඡා වලින් අනතුරුව සිය ට්විටර් ගිණුම ඔස්සේ අදහස් දක්වමින් සැමැන්තා පවර් මහත්මිය මෙම අදහස් පළ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
විදෙස් ඇමති මංගල සමරවිර මහතා සිය සංචාරයේදී එක්සත් ජාතින්ගේ මහ ලේකම් බෑන්කී මුන් මහතා , අැමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් මුණගැසී සාකච්ඡා පැවැත්වූයේය.