මේ වනවිට අපේගම පරිශ්‍රයේ පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරකසභාව විසින් එම පත්කිරීම සිදුකළ බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සඳහන් කළේය.
ඊට අමතරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික ලෙස එස්.බී. නාවින්න මහතා පත්කර ඇත.
මීට ඉහතදී එම පක්ෂයේ ජාතික සංවිධායක ධුරය බැසිල් රාජපක්ෂ මහතා හෙබවූ අතර, භාණ්ඩාගාරික ධුරයේ ඩලස් අලහප්පෙරුම මහතා කටයුතු කළේය..
මධ්‍යම කාරකසභාව නිම වීමෙන් පසු මේ වනවිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමස්ත ලංකා කාරක සභාව රැස්වී තිබේ.