තැන්පත්කරුවන්ගේ සල්ලි දෙන්න මම කැමැතියි - ලලිත් Featured

Published in පුවත්
Friday, 13 February 2015 10:07

ගෝල්ඩන් කී තැන්පත්කරුවන්ට එම මුදල් ආපසු ගෙවිය යුතු යැයි ලලිත් කොතලාවල මහතා අදටත් පැවසුවද තැන්පත්කරුවන්ගේ සංගමයේ නියෝජිතයන් ආපසු ගෙවීමේ එම ක්‍රමවේදයට නිසි සහායක් නොදෙන බවට නීතිඥ දර්ශන කුරුප්පු මහතා කොළඹ මහාධිකරණයේදී ඊයේ (12) පැවසීය.

තැන්පත්කරුවන්ට මුදල් ගෙවීමට ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ස්ථාපිත කළ සමාගමේ නිලතල දරමින් විශාල වැටුප් ලබන තැන්පත්කරුවන්ගේ නියෝජිතයන් එම ක්‍රමවේදයට නිසි සහයෝගයක් නොදක්වන බව කුරුප්පු මහතා වැඩිදුරටත් පැවසීය.

ගෝල්ඩන් කී ක්‍රෙඩිට් සමාගම පිහිටුවා තැන්පත්කරුවන්ගේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් වන නඩුව කොළඹ මහාධිකරණය හමුවේ ඊයේ (12) කැඳ වූ අවස්ථාවේ නඩුවේ පස් වන විත්තිකරුවෙකු වන ලලිත් කොතලාවල මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දර්ශන කුරුප්පු මහතා මුදල් ආපසු ගෙවීමේ ක්‍රමවේදයේදී විත්තිකරුවන්ට අයත් දේපළ පවරා ගැනීම් වලදී ඔවුන්ටත් නොදන්වා ඇතැම් නියෝග නිකුත් කර ඇති බවද පැවසීය.

එම කරුණු සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ සම පංච පුද්ගල විනිසුරු මඬුල්ල විසින් යළි සලකා බැලීමක් සිදු කරනු ඇතැයිද නීතිඥ දර්ශන කුරුප්පු මහතා වැඩිදුරටත් කරුණු දක්වමින් පවසා සිටියේය.

මූල්‍ය සමාගම් පනතේ කොන්දේසිවලට පටහැනි ලෙස සී / ස ගෝල්ඩන් කී ක්‍රෙඩිට් සමාගම පිහිටුවා එහි මුදල් තැන්පත් කළ තැන්පත්කරුවන්ගේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කිරීම ඇතුළු අධි චෝදනා 91ක් යටතේ සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ සභාපති ලලිත් කොතලාවල මහතා ඇතුළු විත්තිකරුවන් 9 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් මේ නඩුව පවරා ඇත. ගෝල්ඩන් කී සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරුන් වන කාවන් මයිකල් පෙරේරා, ප්‍රසන්න සුමනසේකර, සුරම්‍ය කරුණාරත්න, ජූඩ් ලෙනාඩ් ප්‍රනාන්දු, ගෝල්ඩන් කී සමූහ ව්‍යාපාරයේ අධිපති ලලිත් කොතලාවල, අධ්‍යක්ෂවරුන් වන සිසිලි ප්‍රියා කොතලාවල, පද්මිණී කරුණානායක, පුන්‍ය ශාන්ත රණතුංග හා විතාන ධර්මසිරි යන විත්තිකරුවෝ මේ නඩුවෙන් චෝදනා ලැබ සිටිති.

ගෝල්ඩන් කී සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරියක වූ සිසිලියා කොතලාවල මහත්මිය හැර අන් සියලු විත්තිකරුවන් ඊයේ (12) අධිකරණය හමුවේ පෙනී සිටින අතර එම විත්තිකරුවන් සියලු දෙනාහට අධිකරණය මගින් ඇප නියම කර ඇත.

සිසිලි ප්‍රියා කොතලාවල අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ මහාධිකරණය මඟින් රතු නිවේදනයක් නිකුත් කැර ඇති අතර ඇය නොමැතිව දැනට මේ නඩුව කැඳවේ.

කොළඹ මහාධිකරණ විනිසුරු දේවිකා ද ලිවේරා තෙන්නකෝන් මහත්මිය හමුවේ ඊයේ (12) මේ නඩුව කැඳවුණි.

ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් ලබාදී ඇති නියෝගය අනුව මේ නඩුව දිනපතා විභාගයට ගැනීම ආරම්භ කරන්නැයි අගතියට පත් තැන්පත්කරුවන්ගේ සංගමය වෙනුවෙන් පෙනී සිටින නීතිඥ සුමුදු හේවගේ මහතා ඊයේ (12) මේ නඩුව කැඳවූ අවස්ථාවේ අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ විනිසුරු දේවිකා ද ලිවේරා තෙන්නකෝන් මහත්මිය නඩු විභාගයට ගැනීමට ලබන ජුනි මස 16 වැනිදාට කල් තැබීය.නඩුවේ පැමිණිල්ලෙච් 757 වන සාක්කිකාරිය වන ලක්ෂ්මී කුමාරි ගුණතිලක මහත්මියට එදිනට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට විනිසුරුවරිය නියෝග කළාය.

රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ඩිලාන් රත්නායක මහතා පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටියේය. ජනාධිපති නීතිඥ අනිල් සිල්වා, ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ, ජගත් අබේනායක, අසිත විපුලනායක, දර්ශන කුරුප්පු, රුක්ෂාන් නානායක්කාර, ධනරාජ් සමරකෝන්, චතුර අමරතුංග, නිරෝෂණ පෙරේරා ඇතුළු නීතිඥවරු කණ්ඩායමක් විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටියහ.

1999 මාර්තු 23 සහ 2008 දෙසැම්බර් මස 24 අතර කාලයේදී බම්බලපිටියේදී දැනට ජීවතුන් අතර නොමැති මුතුකුමාරස්වාමි හල්ලන්තුමාන් යන අය සමඟ එක්ව 1988 අංක 78 දරණ මූල්‍ය රෙගුලාසි පනතේ 2 (1) වගන්තියේ කොන්දේසිවලට පටහැනි අයුරින් මූල්‍ය ව්‍යාපාරයක් පවත්වාගෙන යාම සඳහා එකඟවීම හෝ එකී වරද සිදුකිරීමෙන් හෝ සිදුකිරීමට අනුබල දීම, කුමන්ත්‍රණය කිරීම, එකී කුමන්ත්‍රණයේ ප්‍රතිඵලයක් ලෙස ගෝල්ඩන් කී ක්‍රෙඩිට් සමාගම නමින් මූල්‍ය ව්‍යාපාරයක් පවත්වාගෙන යාම ඇතුළු අධිචෝදනා යටතේ නීතිපතිවරයා විසින් විත්තිකරුවන් හට එරෙහිව මේ නඩුව පවරා ඇත.


-dinamina

Leave a comment

 

ld add copy

Gossip

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

 සජිත් ඇමැති මණ්ඩලය පත් කරන්නේ පොරොන්දම් බලලලු

 සජිත් ඇමැති මණ්ඩලය පත් කරන්නේ පොරොන්දම් බලලලු

සජිත් ප්‍රේමදාස එළැඹෙන ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කර ඔහු පිහි‍ටුවන ආණ්ඩුවේ අගමැතිවරයා සහ ඇමැති මණ්ඩලය...

අපි කිව්වා හරි.. සජිත් - නාමල් ගිවිසුම, ඉරාජ් හෙලිකරයි !   

අපි කිව්වා හරි.. සජිත් - නාමල් ගිවිසුම, ඉරාජ් හෙලිකරයි !  

'සජිත්ව ගොඩදාලා දෙන්න..නාමල්, ඉරාජ්ව සජිත්ගේ සහයට යවයි, යනුවෙන් අප විසින් හෙළිකළ සත්‍යය ඉරාජ් විසින්...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

ක්‍රීඩා

Connet With Us