මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමේ බලය ජනපතිගෙන් ඉවත් කරන්නැයි ඉල්ලීමක්

Published in පුවත්
Friday, 13 February 2015 10:12

මෙරට යම් අපරාධකරුවකු එල්ලා මැරීමට විනිසුරුවරයකු ලබාදෙන අවසාන තීන්දුව ක්‍රියාත්මක කිරීමේ බලය ජනාධිපතිවරයාගෙන් ඉවත් කර එම විනිසුරු තීන්දුව ක්‍රියාත්මක කිරීමේ බලය සෘජුවම බන්ධනාගාර අධිකාරී වෙත පැවරීමේ යෝජනාවක් ඉදිරිපත් කෙරේ.

බන්ධනාගාර පද්ධතිය තුළ අත්දැකීම් රාශියක් ලබා සිටින පෙරේදා (11) වනතෙක් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කළ ඉහළ පරිපාලන නිලධාරියකු වූ චන්ද්‍රරත්න පල්ලේගම මහතා විසින් මේ යෝජනාව ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරනු ලබයි.

දැනට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමේ අවසන් තීරණය ජනපතිවරයා වෙත පැවරී ඇත.

ඒ අනුව විනිසුරු තීන්දුවේ සඳහන් වෙන්නේ 'මෙසේ නියම කරනු ලබන මරණ දඬුවම අතිගරු ජනාධිපති උතුමාණන් විසින් නියම කරනු ලබන දිනයකදී ක්‍රියාත්මක කළ යුතුය' යනුවෙනි.

පල්ලේගම මහතා විසින් ජනාධිපතිවරයා වෙත කරනු ලබන මෙම යෝජනාවේ සඳහන් වෙන්නේ විනිසුරුවරයා නියම කරන මරණ දඬුවම ඔහු විසින්ම නියම කරනු ලබන දිනයක වේලාවක ක්‍රියාත්මක කිරීමේ බලය බන්ධනාගාර අධිකාරී වෙත පැවරිය යුතු බවයි.

මේ සඳහා බන්ධනාගාර ක්ෂේත්‍රයේ වගකිවයුතු නිලධාරීන් රැසකගේද කැමැත්ත ලැබී ඇත.

දැනට මරණ දඬුවම නියම වූ හාරසියයක පමණ පිරිසක්ද ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වී සිටින සහ මරණ දඬුවමට අභියාචනා ඉදිරිපත් කර ඇති පිරිසද සමඟ මරණ දඬුවම නියම වූ දහසක පමණ පිරිසක් සිටින බව පල්ලේගම මහතා පැවසීය.

දැනට මරණ දඬුවම නියම වී සිටින මෙම පිරිස මේ ආකාරයෙන්ම තබා ඉදිරියේදී මරණ දඬුවම හිමිවෙන අපරාධකරුවන්ට ‍ඒ ආකාරයෙන් මරණ දඬුවම ක්‍රියාත්මක කරන ලෙසද එම යෝජනාවේ සඳහන් වෙයි.

අධිකරණවලදී විවිධ වැරදි සඳහා දඬුවම් ලබන අපරාධකරුවන් අතරින් මරණ දඬුවම හැර සෙසු සියලුම දඬුවම් ක්‍රියාත්මක කිරීමේ බලය පැවරී තිබෙන්නේ බන්ධනාගාර අධිකාරීවරයා වෙතය.

එම නිසා මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමද බන්ධනාගාර අධිකාරී වෙත පැවරීමේ වරදක් නැති බව පවසන පල්ලේගම මහතා මරණ දඬුවම යළි ක්‍රියාත්මක කිරීම තුළින් මෙරට මිනීමැරුම්, ස්ත්‍රී දූෂණ, මත්කුඩු ජාවාරම වැනි භයානක අපරාධ විශාල වශයෙන් අඩු කරගත හැකි බවද කීය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us