ආණ්ඩුවට බැරි නම් අපි වරාය නගරය නවත්වනවා - ජවිපෙ

Published in පුවත්
Friday, 13 February 2015 08:26

කොළඹ නගරයේ මුහුද ගොඩකර ඉදිකිරීමට යන වරාය නගර (පෝට්‌ සිටි) ව්‍යාපෘතිය නතර කිරීමට රජය පියවර නොගතහොත් එය ජනතා විමුක්‌ති පෙරමුණ විසින් නතර කිරීමට කටයුතු කරන බවට සහතික වන්නේ යෑයි ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා කීය.

මෙම ව්‍යාපෘතිය මගින් අනාගත පරපුරට විශාල හානියක්‌ සිදුවන බවත් මුහුද ගොඩකිරීමට අවශ්‍ය කලුගල් කියුබ් කෝටි 12 ක්‌ මෙරටින් සොයා ගන්නේ කෙසේදැයි පරිසර වාර්තාවක්‌ පවා ලබා ගෙන නැති බවත් ඔහු පැවසීය. මෙරට කුඹුරක්‌ ගොඩ කිරීමට පවා පරිසර වාර්තා ගත යුතුව තිබුණද චීන රජය විසින් සතයක්‌ වත් නොගෙවා කොළඹ දූපතක්‌ හදා ගන්නා බවද ඒ මහතා සඳහන් කළේය.

මහින්ද රාජපක්‍ෂ මහතා කළ විනාශකාරී ව්‍යාපෘති තවදුරටත් ක්‍රියාත්මක කිරීමට නම් ජනතාව නව ආණ්‌ඩුවක්‌ පත් කර ගත්තේ කුමටදැයි විමසා සිටි ජවිපෙ නායකයා මෙම වරාය නගරය ඉදිකිරීම වහාම නවතා දැමිය යුතු බවද කියා සිටියේය. අනුරාධපුරයේදී පැවැති ජනහමුවකට සහභාගිවෙමින් අනුර කුමාර දිසානායක මහතා මේ බව ප්‍රකාශ කළේය.

divaina

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us