මහින්දට ලැබුණු ලක්ෂ 58ම පෞද්ගලික ඡන්ද නොවේ - නිමල් සිරිපාල

Published in පුවත්
Friday, 13 February 2015 07:42

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගිය ජනාධිපතිවරණයේදී ලබාගත් ලක්ෂ 58 ක ඡන්ද ඔහු පෞද්ගලිකව ලැබූ ඒවා නොවන බව විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය. “ඩේලි නිව්ස්” පුවත්පතට දුන් සම්මුඛ සාකච්ඡාවේදී විපක්ෂ නායකවරයා මේ බව පැවසීය.

හිටපු ජනාධිපති රාජපක්ෂට නිර්භීත, ප්‍රෞඪ පෞරුෂයක් තිබූ බවත්, ඔහු ජනතාවගේ හිත දිනාගෙන සිටි බව ඇත්ත වුවත්, එය එක් පැත්තක් පමණයි. එමනිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ සන්ධානයේ වෙනත් පක්ෂවල ඡන්ද පදනම නැතිවී ඇතැයි එයින් හැඟී නොයන බව ඔහු පවසා තිබේ. එමනිසා ඇතැම් පක්ෂ ඔහු අගමැති අපේක්ෂකයා වශයෙන් යළි ගෙන ඒමට උත්සාහ දරන බවත් පවසා ඇත.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හොඳ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙක් වන නිසා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ නොකරන බවට එතුමා දී ඇති සහතිකය කඩ නොකරනු ඇතැයි ද විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

 

-dinamina

 

 

 

Last modified on Friday, 13 February 2015 07:48

Leave a comment

ld add copy

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us