බොදු බලයට අනගි අවස්ථාවක් -පෘතුගාල අගමැති ලංකාවට

Published in පුවත්
Saturday, 19 July 2014 09:17

පෘතුගාල අග්‍රාමාත්‍ය පේද්රෝ මැනුවෙල් මාමදේ පැසෝස් දෙදින සංචාරයක් සඳහා හෙට (20) ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇත.

සිය සංචාරය තුළ දී පෘතුගාල අග්‍රාමාත්‍යවරයා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පිරිස් මහතා ඇතුළු රජයේ ඉහළ පෙළේ නිලධාරින් හමුවී සාකච්ජා පැවැත්වීමට නියමිතය.

පෘතුගාල අගමැතිවරයාගේ පැමිණීම සම්බන්ධව විපක්ෂ මන්ත්‍රීවරයකු පවසා සිටියේ, පාප් වහන්සේගෙන් සමාව බලාපොරොත්තු වූ පිරිස් වලට හැබෑවටම එවෙන්නක් අවශ්‍ය නම් දැන් ඊට අවස්ථාව උදාවී ඇති බවයි.

ඔවුන් සැබෑ දේශප්‍රේමින් නම් සමාව ගැනීමට බලකර සිටිය යුත්තේ පාප් වහන්සේට නොව පැමිණෙන අගමැතිවරයාට බව ඔහු කියා සිටියේය.

1505 දී ලංකාවේ මුහුදු බඩ පළාත් අල්ලා ගත් පෘතුගීසි ආක්‍රමණිකයන්ගේ ක්‍රියා වෙනුවෙන් ඉතාලියේ රෝමයේ වතිකානුවේ වෙසෙන පාප් වහන්සේ ගේ ශ්‍රී ලංකා සංචාරයේදී, පාප් වහන්සේ සමාව ගත යුතු යැයි බොදු බල සේනා සංවිධානය පසුගියදා ප්‍රකාශ කර තිබිණ.

එදා කුඩා දරුවන්ගේ ඛෙලි කපා කඩු තුඩේ ගැසූ දොන් ජෙරොනිමෝ දි අසවේදෝගෙන් පැවත එන පේද්රෝ මැනුවෙල් අගමැති එද්දී රතු පලස් දමා ආචාර වෙඩි මුර පවත්වා දොහොත් මුදුන් දී පිලිගන්නවාට එරෙහිව බොදු බල සේනාවේ ප්‍රතිචාරය කුමක්දැයි ජනතාව අවධානයෙන් සිටින බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසිය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us