තංගල්ලේ හිටපු සභාපතිට 'අත' අහිමිවේ !

Published in පුවත්
Saturday, 19 July 2014 08:55

තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති නීතියෙන් වරදකරුවකු වන නිසා ඔහුගේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂ සාමාජිකත්වය පිළිබඳ තවදුරටත් කතා කිරීමට අවශ්‍ය නොවන බව ජනමාධ්‍ය ඇමැති කෙහෙලිය රඹුක්‌වැල්ල මහතා ප්‍රකාශ කළේය.

මේ අනුව එම සාමාජිකත්වය ඉබේම අහෝසිවන නිසා ඒ පිළිබඳව කතා බහට ලක්‌ කිරීමට අවශ්‍ය නොවන බවද ඇමැතිවරයා කීවේය.

'අත' ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ ජන්ද සලකුණ වේ.

තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා මෙතෙක්‌ කාලයක්‌ සැකකරුවකු බවට පත්වී සිටි අතර නඩු තීන්දුවෙන් ඔහු වරදකරුවකුද වූ බව කී ඇමැතිවරයා මේ අනුව ඔහුගේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂ සාමාජිකත්වය ගැන කවර කතා දැයි සඳහන් කළේය.

විනය විරෝධී ක්‍රියාවලට සම්බන්ධව නීතියේ වැරදිකරුවන් වන ප්‍රාදේශීය සභාපතිවරුන් පමණක්‌ නොව ඕනෑම තනතුරක්‌ පක්‌ෂය වෙනුවෙන් නියෝජනය කරන උදවියට පක්‌ෂයෙන් ඉවත් කිරීම සාධාරණ යැයි මේ පිළිබඳව අප කළ විමසීමකදී වනජීවී සම්පත් ඇමැති විජිත් විජයමුනි සොයිසා මහතා පැවැසීය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us