පුතු සෙනේ මස් නහර හම සිඳ ඇට සොයා ගොස් ඇට තුළට වැද..

Published in පුවත්
Monday, 09 February 2015 15:49

 

ප්‍රේමකුමාර් ගුණරත්නම මහතා ගේ දේශපාලන අයිතිය උදුරා නොගන්න ලෙසත් දේශපාලන සිරකරුවන් නිදහස් කරණ ලෙසත් ඉල්ලා පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් එක්දින විරෝධතාවක් අද (05) කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී පැවැත්වීය.

මෙම අවස්ථාවට ගුණරත්නම් මහතාගේ මැණියන්ද සහභාගී වී සිටියාය.

තම වැඩිමළු පුතා වූ රජිතම් ගුණරත්නම් මහතා අසූව දශකයේ පැවැති සිවිල් යුධ වාතාවරණයේදී ඇයට අහිමි වූවාය. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිසුවකුව සිටියදී ඔහු එවකට පැවැති එජාප පාලනයේ මර්දනකාරී පිළිවෙත හේතුවෙන් ඝාතනයට ලක්විය. එම විශ්ව විද්‍යාලයේම සිසුවකුව සිටි ප්‍රේම් කුමාර් ගුණරත්නම් මහතාද එවකට අත් අඩංගුවට පත්වූ නමුත් ජීවිතය බේරා ගැනීමට සමත් විය.

මේ ආදී වූ නිමක් නොමැති පීඩාකාරි තත්වයන් ‍රැසකට මුහුණ දුන් ගුණරත්නම් සොහොයුරන්ගේ මැණියන් අද දිනයේදීත් තම දරුවා වෙනුවෙන් කො‍ටුව දුම්රිය පොළ ඉදිරිපිට බිම වාඩිලාගෙන උන්නාය.

මේ සදහා පක්ෂයේ ප්‍රධාන ලේකම් සේනාධීර ගුණතිලක, දේශපාලන මණ්ඩල සභිකයින් වන රවීන්ද්‍ර මුදලිගේ, දුමින්ද නාගමුව, පුබුදු ජයගොඩ, අජිත් කුමාර සහ අතුරැදහන් වූවන්ගේ ඥාතීන් ඇතුළු පිරිසක් ද සහභාගී විය.

FLSP-virodhathawaya-2015-02

FLSP-virodhatha

FLSP-virodhathawa

FLSP-virodhathaway

FLSP-virodhathawaya-

 

FLSP-virodhathawaya-2015

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us