ෆයිසර්ට ඇමතිකම එපාවෙයි-ආණ්ඩුව එපා නොවෙයි

Published in පුවත්
Monday, 09 February 2015 14:41

සිවිල් ගුවන්සේවා රාජ්‍ය අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට භාරදී ඇත.

තමා ඉවත්වන්නේ පෞද්ගලික හේතුවක් මත බව පවසන මුස්තාපා මහතා ජනාධිපතිවරයා, අගමැතිවරයා ප්‍රමුඛ වත්මන් ආණ්ඩුවට උපරිම සහය ලබා දෙන බවත් කියා සිටියේය.

එක් පවුලක් වටා බලය කේන්ද්‍රගතවීම වෙනුවට පැතුරුණු ප්‍රජාතන්ත්‍රවාදයක් සහිත පාලනයක් නිර්මාණය වී තිබෙන බැවින් එය ආරක්ෂා කිරීම තමාගේද වගකීමක් බව ඔහු කියා සිටියේය.

ෆයිසර් මුස්තාෆා ඉකුත් ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුවෙන් ඉවත් වී පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට සහය පළ කළ අතර මෛත්‍රිපාල සිරිසේන මහතා ජනපතිවීමෙන් පසු ඔහුට සිවිල් ගුවන් සේවා රාජ්‍ය ඇමතිධූරය හිමිවිය.

කෙසේ වුවද තමන්ට පිරිනැමුණු අමාත්‍යංශයේ අංශ කිහිපයක්ම සිය විෂය පථයෙන් ඉවත් කර ඇති බවට මුස්තාෆා මහතා කලකිරීමෙන් සිටි බව මාධ්‍ය වාර්තා කළේය.

මෙම වාතාවරණය මත ඔහු පසුගියදා සිංගප්පූරුවේද සංචාරය කර නැවත දිවයිනට පැමිණි අතර නීතීඥ වෘත්තියේ කටයුතු කිරීමට අපේක්ෂා කරන බවද පැවසුවේය.

Last modified on Monday, 09 February 2015 14:47

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us