සාක්ෂිකරුවන් රැකීමේ පනත ළගදීම පාර්ලිමේන්තුවට

Published in පුවත්
Monday, 09 February 2015 13:54

නඩු විභාග වලදී සාක්ෂිකරුවන්ගේ ආරක්ෂාව තහවුරු කෙරෙන විධි විධාන පනත් කෙටුම්පත කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇත. ඒ සඳහා අවශ්‍ය මූලික කටයුතු මේ වන විට සකස් කර ඇති බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ප‍්‍රකාශ කලේය.

අධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතින අවස්ථා වලදී සාක්ෂිකරුවන් බිය වැද්දවීම හරහා නීතිය කි‍්‍රයාත්මක කිරීමේ අපහසුතා මතුවීම පිළිබඳ අවධානය යොමු කරමින් මෙම තීරණය ගෙන ඇත. ස්වාධීන සාක්ෂිකරුවන්ගේ ඉදිරිපත්වීමට ද එය බාධාවක් බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

පසුගිය කාලසීමාව තුළ සාක්ෂිකරුවන්ගේ ආරක්ෂාව තහවුරු කෙරෙන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ජාත්‍යන්තරයෙන් ද ශ‍්‍රී ලංකාවට බලපෑම් එල්ල වුණි. එම පනත් කෙටුම්පත කඩිනමින් කි‍්‍රයාත්මක කරන ලෙසට පසුගිය රජයෙන් ජාත්‍යන්තරය ඉල්ලීමක් ද කර තිබුණි.

Last modified on Monday, 09 February 2015 14:37

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us