මධ්‍යම පළාත් ඡන්ද ප‍්‍රතිඵල වෙනස් කළ වීඩියෝවක්

Published in පුවත්
Monday, 09 February 2015 13:44

2013 වසරේදී පැවැත්වූ මධ්‍යම පළාත් සභා මැතිවරණයේදී ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ මනාප ප‍්‍රතිඵල වෙනස් කිරීමට අදාල සාක්ෂි තමන් සතුව පවතින බව එම පක්ෂය පවසුවේය.

ප‍්‍රබල දිස්ත‍්‍රික් බලධාරියෙකුට මුදල් ලබා දී මනාප ප‍්‍රතිඵල වෙනස් කිරීම සම්බන්ධයෙන් ශ‍්‍රව්‍ය හා දෘශ්‍ය සාක්ෂි ද තමන් සතුව පවතින බව එම මැතිවරණයට තරග වැදුණු වජිර ජයම්පත් මහතා පවසයි.

ඒ පිළිබඳ හෙට දිනයේදී අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට ද ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ මධ්‍යම පළාත් සභා මැතිවරණයට තරග වැඳුණු අපේක්ෂකයන් සැලසුම් කර ඇත.

2013 වසරේ සැප්තැම්බර් 21 වනදා පැවැත්වූ මධ්‍යම පළාත් සභා මැතිවරණයේදී ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ නියෝජිතයන් දෙදෙනෙකු පළාත් සභාවට තේරී පත්වුණි. එහෙත් එම අපේක්ෂකයන්ගේ පත්වීම් පිළිගත නොහැකි බව එම පක්ෂය නියෝජනය කළ අනෙක් අපේක්ෂකයෝ ප‍්‍රකාශ කරති.

මේ සම්බන්ධයෙන් අභියාචනාධිකරණයේ පෙත්සමක් ද විභාගයට ගැනෙමින් පවතී.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us