සිසුන් ඇතුළත් කිරීමේ ගැටලු පැමිණිලි කිරීමට ඉඩ

Published in පුවත්
Monday, 09 February 2015 13:17

පාසල්වලට සිසුන් ඇතුළත් කිරීමේ ක‍්‍රමවේදයේදී අසාධාරණයට ලක් වූ අවස්ථා ඇතොත් එවැනි පැමිණිලි ඉදිරිපත් කිරිමට එළඹෙන මාර්තු මස 06වැනිදා තෙක් අවස්ථාව ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

එම ඉල්ලීම් හා පැමිණිලි සියල්ලම විමර්ශනය කර සුදුසු තීරණ ලබාදෙන අතර, එම තීරණය අවසාන තීරණය බවත් ඊට පරිබාහිරව තීරණ ගැනීම අධ්‍යාපන අමාත්‍යවරයා හෝ අධ්‍යාපන ලේකම්වරයා විසින් සිදුනොකරන බවත් අධ්‍යාපන අමාත්‍යාංශ නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

එසේම පාසල්වලට සිසුන් ඇතුළත් කරගැනීම සඳහා විවිධ ඉල්ලීම් රැගෙන අධ්‍යාපන අමාත්‍යාංශය වෙත පැමිණීම නිරන්තරයෙන් සිදුවුවද, එවැනි ඉල්ලීම්වලට සිසුන් ඇතුළත්කරගන්නා ලෙස විදුහල්පතිවරුන් වෙත ලිපි නිකුත් කිරීම අධ්‍යාපන අමාත්‍යවරයා හෝ කිසිදු නිලධාරියෙකු විසින් සිදුනොකරන බව එම නිවේදනයේ වැඩිදුරටත් සදහන්වේ.


එම පැමිණිලි බාරගැනීමට විශේෂ කවුළු කිහිපයක් එදින දක්වා දක්වා සතියේ වැඩ කරන දිනවලදී අමාත්‍යාංශයේ ස්ථාපනය කරනු ලැබේ.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us