වරාය නගරය ගැන ඉන්දීය රජය කනස්සල්ලෙන්

Published in පුවත්
Monday, 09 February 2015 11:41

ගාලූමුවදොර මුහුදේ ඉදිකෙරෙන වරාය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ඉන්දීය රජය කනස්සල්ලෙන් පසුවන බව ඉන්දීය මාධ්‍ය පවසයි.මෙම ව්‍යාපෘතිය පිළිබඳ ඉන්දීය රජය අවධානයෙන් පසුවන බවද ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දී ඇත.

ඒ හරහා කලාපයේ චීන බලපෑම වර්ධනය වනු ඇති බවට ඉන්දීය රජයේ විශ්වාසයක් පවතින බවද එම වාර්තාවල සඳහන්ය. ඉන්දීය මාධ්‍ය වාර්තා මේ බව ප‍්‍රකාශ කර තිබුණේ පසුගියදා නව රජයේ කැබිනට් මණ්ඩලය විසින් වරාය නගර ව්‍යාපෘතිය අඛණ්ඩව පවත්වාගෙන යාමට ගනු ලැබූ තීරණය පිළිබඳව වාර්තා කරමින්ය.

මේ අතර වරාය නගර ව්‍යාපෘතිය අත්හිටුවීම සඳහා නව රජයට බලපෑම් එල්ල කරන බව ජනතා විමුක්ති පෙරමුණ පැවසුවේය. එහි නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර කුමාර දිසානායක මහතා ප‍්‍රකාශ කලේ නව රජයේ තීරණයෙන් තම පක්ෂය කම්පනයට පත්වූ බවය. චීන දායකත්වය යටතේ ඉදිකෙරෙන මෙම ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක නොවිය යුතු බවද ඔහු අවධාරණය කළේය. ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අවධානය යොමු කරන බවද ඔහු ප‍්‍රකාශ කළේය.

කුමන චෝදනා එල්ල වුවද ඉන්දියාව සමග පැහැදිලි රාජතාන්ත‍්‍රික සබඳතා නව රජය යටතේ කි‍්‍රයාත්මක බව අමාත්‍ය පී. හැරිසන් මහතා ප‍්‍රකාශ කලේය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us