මන්ත්‍රීවරුන් 69කට පැන්ෂන් නැතිවෙන පොටක්

Published in පුවත්
Monday, 09 February 2015 10:49

මහජන සාමය හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතාට එරෙහිව විපක්ෂයෙන් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව සම්මත වුවහොත් අප්‍රේල් 23 වැනිදාට ප්‍රථම ආණ්ඩුව විසුරුවා හැරීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කිරීමේ සූදානමක් ඇතැයි අනාවරණය වේ. යම් හෙයකින් එය සිදු වුවහොත් වර්තමාන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 69කට විශ්‍රාම වැටුප් අහිමිවනු ඇත.

වත්තල ප්‍රාදේශීය සභා සභාපති ඇතුළු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පිරිසකට පහරදුන් බවට සඳහන් කර විපක්ෂයේ මන්ත්‍රීවරුන් 114 දෙනෙකුගේ අත්සනින් යුතුව ජෝන් අමරතුංග මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාව කථානායක චමල් රාජපක්ෂ මහතාට මේ වනවිට බාර දී ඇත. මේ ආකාරයට ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව සම්මත වුවහොත් පාර්ලිමේන්තුව අප්‍රේල් 23 වැනිදාට පෙර විසුරුවීමට කටයුතු කරන බවට අගමැතිවරයා පවසා තිබෙන නිසා පාර්ලිමේන්තුව
විසුරුවා හැරියහොත් 2010 වසරේදී පළමු වරට පාර්ලිමේන්තුවට පැමිණි සියලුම මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුප අහිමි වී යයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදෙන විශ්‍රාම වැටුපට හිමිකම් කීමට මන්ත්‍රීවරයෙකු වසර 05 ක් පාර්ලිමේන්තුව තුළ රැඳී සිටිය යුතු අතර, 2010 වසරේදී පාර්ලිමේන්තුවට අභිනවයෙන් පත්වූ මන්ත්‍රීවරුන් 82 කගේ වසර 05 ක කාලය සම්පූර්ණ වන්නේ එළඹෙන අප්‍රේල් 22 වැනිදාටය.

මේ තත්වය සලකා බලා නව ජනාධිපතිවරයෙකු පත්වුවහොත් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කටයුතු නොකර අප්‍රේල් 23 වැනිදා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මීට පෙර ප්‍රතිඥාවක් ලබාදී තිබුණි.

අද

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us