කෝටි 400ක වැට් බදු වංචා කර පැනගොස් සිටි දෙදෙනා රිමාන්ඩ්

Published in පුවත්
Monday, 09 February 2015 07:51

රුපියල් කෝටි 400ක් වූ දකුණු ආසියාවේ විශාලතම වැට් බදු වංචාව සිදු කිරීමේ චෝදනාවට වරදකරුව අධිකරණය මඟහැර සිට මැලේසියාවේ දී අත්අඩංගුවට පත්වූ ව්‍යාපාරිකයන් දෙදෙනා මේ මස 10දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඊයේ (8) නියෝග කළේය.

ඉකුත් 7දා මැලේසියාවේ දී අත්අඩංගුවට පත්ව ශ්‍රී ලංකාවට ගෙන එනු ලැබූ මොහොමඩ් මුරුෂි රෆීඩ් හා තාගූර් මොහොමඩ් නෂීඩ් යන දෙදෙනා ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉරිපත් කිරීමෙන් අනතුරුව මෙසේ බන්ධනාගාර ගත කෙරිණි.

මෙම වැට් බදු වංචාව සම්බන්ධයෙන් පැවැති නඩුව කොළඹ මහාධිකරණය හමුවේ විභාගයට ගැනීමෙන් අනතුරුව අදාළ චෝදනාවන්ට මොහොමඩ් මුරුෂි රෂීඩ් නැමැති සැකකරු වරදකරු කළ මහාධිකරණ විනිසුරු ඔහුට වසර 260ක සිරදඬුවමක් පමුණුවා තිබිණි.

තාගූර් මොහොමඩ් නෂීඩ් නැමැති සැකකරුට ද මහාධිකරණ නඩු විභාගයේ දී අදාළ චෝදනාවන්ට වරදකරු කොට වසර 120ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් අධිකරණය විසින් නියම කර තිබිණි.

මෙම සිරදඬුවම් නියමකර තිබුණ ද සැකකරුවන් මෙරටින් පලාගොස් තිබූ අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට අධිකරණය විසින් ජාත්‍යන්තර පොලිසිය හරහා රතු නිවේදන සහිත විවෘත වරෙන්තු නිකුත්කොට තිබිණි.

Last modified on Monday, 09 February 2015 07:53

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us