මොහාන් පීරිස්‌ගේ කැ‍රැට්‍ටුව අද පාර්ලිමේන්තුවේ රඟදෙයි

Published in පුවත්
Monday, 02 February 2015 08:41

අගවිනිසුරු ධුරයෙන් මොහාන් පීරිස්‌ මහතා ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අද (02 දා) සවස 1.00 ට පාර්ලිමේන්තුවේ විවාදයක්‌ පැවැත්වේ.

මෙම විවාදය සඳහා පාර්ලිමේන්තුව අද විශේෂයෙන් රැස්‌වේ. මොහාන් පීරිස්‌ මහතා අගවිනිසුරු ධුරයෙන් ඉවත් කිරීමේ ක්‍රමවේදය ව්‍යවස්‌ථානුකූල නොවන බවට පසුගිය 29 දා විපක්‍ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතාද, දිනේෂ් ගුණවර්ධන මහතා ද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශ දෙකක්‌ කළහ. ඊට පසුදා (30 දා) එම ප්‍රකාශ දෙක වෙනුවෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පිළිතුරු කතාව ඉදිරිපත් කළේය.

ඉන්පසු ඒ සම්බන්ධව එදිනම විවාදයක්‌ ඉල්ලා විපක්‍ෂය මැතිසබය තුළ ඝෝෂා කළ අතර මෙම 05 වැනිදා සවස්‌ වරුවේ විවාදයක්‌ ලබාදිය හැකි බව අගමැතිවරයා කීවේය.

එහෙත් විපක්‍ෂය එදිනම හෝ 02 වැනිදා (අද) විවාදයක්‌ ලබාදිය යුතු බවට දිගින් දිගටම ඝෝෂා කිරීම නිසා දෙවරක්‌ සභාව අත්හිටවූ කථානායක චමල් රාජපක්‍ෂ මහතා පසුව පාර්ලිමේන්තුව කල් තැබුවේය.

ඉන්පසුව පක්‍ෂ නායකයන් රැස්‌ වී අද දින මෙම විවාදය පැවැත්වීමට එකඟ වී තිබේ. ඒ අනුව අද සවස 1.00 ට පාර්ලිමේන්තුව රැස්‌වේ. සඳුදා දින සාමාන්‍යයෙන් පාර්ලිමේන්තු පැවැත්වෙන දිනයක් නොවේ. කෙසේ නමුත් මෙම විවාදය මඟින් මොහාන් පීරිස් මහතාගේ ඉවත් කිරීම සම්බන්ධයෙන් ව්‍යවස්ථාදායකයේ අනුමැතියද සහතික වනු ඇත.

 

 

 

 

 

Last modified on Monday, 02 February 2015 08:45

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us