ජෙනරාල්ට මන්ත්‍රී ධුරය යළි ලබාදීමට තවම පොටක් පෑදුනේ නෑ

Published in පුවත්
Monday, 02 February 2015 08:47

ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා තම ප්‍රජා අයිතිය අහිමිවීමට පෙර ඔහු විසින් දරන ලද පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය යළි දැරිය හැකිද යන්න පිළිබඳව මැතිවරණ දෙපාර්තමේන්තුවේ නීති අංශය කරුණු සළකා බලමින් සිටින බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පැවැසීය.

පසුගියදා හිටපු නියෝජ්‍ය අමාත්‍ය ජයන්ත කැටගොඩ මහතා තමන් මන්ත්‍රී ධුරයෙන් ඉවත් වුවහොත් එම මන්ත්‍රී ධුරය ජනරාල්වරයාට නැවත දැරිය හැකිද යනුවෙන් විමසා ලිපියක් ලද බව පැවසු මැතිවරණ කොමසාරිස්වරයා ඉහත අදහස් පළ කළේ එයින් අනතුරුව කළ විමසීමකදීය.

‍මේ පිළිබඳව මැතිවරණ කොමසාරිස්වරයා තවදුරටත් පෙන්වා දුන්නේ එම කරුණු සම්බන්ධයෙන් නීති අංශයෙන් ලැබෙන පිළිතුරු අනුව තවදුරටත් උපදෙස් ලබා ගත යුතු ද නැද්ද යන්න පසුවට තීරණය කරන බවය.

පසුගියදා ජනාධිපතිවරයා විසින් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට අහිමි වූ සියල්ලක්ම ලබා දීමෙන් පසුව පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් නීතිමය තත්ත්වය නිරාකරණය කර ගැනීමට සිදුවී ඇතැයි මැතිවරණ කොමසාරිස්වරයා වැඩිදුරටත් සඳහන් කරයි.


- dinamina

Last modified on Monday, 02 February 2015 08:53

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us