රාජපක්‍ෂගේ පෙරේත ආර්ථිකය ආරක්‍ෂා කළ හතරවරම් දෙවිවරු ගැන රනිල් හෙළි කරයි

Published in පුවත්
Monday, 02 February 2015 08:32

'තමන්ට සහය දුන් ජනතාවට, දුක්‌ විඳින ජනතාවට සහන නොදීම පෙරේතකමයි. රාජපක්‍ෂ රෙජිමයේ ආර්ථිකය හරිම පෙරේත ආර්ථිකයක්‌. එම ආර්ථිකයේ කපුවයි, කට්‌ටඬියයි වන්නේ පී. බී. ජයසුන්දරයි, අජිත් නිවාඩ් කබ්රාලුයි.

රාජපක්‍ෂ රෙජිමයේ පෙරේත ආර්ථිකයට කට්‌ටඬියෝ පමණක්‌ නොව හතර වරම් දෙවිවරුන් සිටි බව කිව යුතුයි. එම හතර වරම් දෙවිවරු වනුයේ සුමල් පෙරේරා, නිමල් පෙරේරා, ධම්මික පෙරේරා හා පතිරගේ යන අයයි. සාමාන්‍ය ජනතාව දුක්‌ විඳින විට මේ හතර වරම් දෙවිවරු රාජපක්‍ෂ මහතාගේ පෙරේත ආර්ථිකය ආරක්‍ෂා කළා. 'යැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

අග්‍රාමාත්‍ය හා එක්‌සත් ජාතික පක්‍ෂයේ ජාතික නායක රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා මහනුවර පුෂ්පදාන ශාලාවේදී පැවැති එක්‌සත් ජාතික පක්‍ෂ ක්‍රියාකාරී සාමාජිකයන් හමු වූ අවස්‌ථාවේදී මේ බව පැවසීය.

වැඩිදුරටත් කතා කළ අගමැතිවරයා,

ඔබ සියලු දෙනාම වෙහෙස මහන්සි වී වැඩ කටයුතු කළ නිසා මෛත්‍රීපාල සිරිසේන මහතා මේ රටේ ජනාධිපති කර අලුත් යුගයක්‌ ඇති කිරීමට අපට පුළුවන් වුණා. එම නිසා මහනුවරින් එතුමාට ඡන්දය දුන් ඔබ සියලුදෙනාටම ස්‌තුති කිරීම මගේ යුතුකමයි.

එතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් වැඩ කටයුතු කළ සංවිධාන ගණනාවක්‌ සිටිනවා. අපේ පක්‍ෂය පමණක්‌ නොව, ජනතා විමුක්‌ති පෙරමුණ, ජාතික හෙළ උරුමය, ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂය, ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසය, දිගම්බරම් හා රාධක්‍රිෂ්ණන් යන මහත්වරුන්ගේ ද්‍රවිඩ සන්ධානය, ද්‍රවිඩ ජාතික සන්ධානය ඇතුළු පක්‍ෂ ගණනාවක්‌ සිටින අතර සිවිල් සංවිධාන හා ලාල් විඡේනායක යන මහත්වරුන්ගේ කණ්‌ඩායමට ද අපේ ස්‌තුතිය මේ අවස්‌ථාවේදී ප්‍රකාශ කර සිටිනවා.

අනෙකුත් කාරණය වනුයේ මෙම ජයග්‍රහණය වෙනුවෙන් ඇප කැපවී ක්‍රියා කළ සියලු එක්‌සත් ජාතික පාක්‍ෂිකයන්ට මා මාගේ ස්‌තුතිය පුද කර සිටිනවා.

සති තුනකට පෙර මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ශ්‍රේෂ්ඨාධිකරණයේ ජ්‍යෙෂ්ඨ විනිශ්චයකාර ශ්‍රීපවන් මහතා ඉදිරියේ දිවුරුම් දුන්නා. පසුගිය සිකුරාදා නව අග්‍රවිනිශ්චයකාර ශ්‍රීපවන් මහතා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නා.

ජනතාවට අද අවශ්‍ය වී තිබෙන්නේ විනාශ වී තිබෙන රට නව මාවතකට ගෙන ඒමටයි. රාජපක්‍ෂ රෙජිමය බිය වූවාද යන්න පවසනවා නම් ගම්පොල ආසනයේ අග්‍රාමාත්‍යවරයා සිටින නිසා එම ආසනය බේරාගැනීම සඳහා අපේ නගරාධිපති වන හෙට්‌ටිආරච්චි මහතාව ඒ පැත්තට අරගත්තා. අද රට තුළ ඇති වී තිබෙන ආර්ථික හා දේශපාලන වෙනස දිහා බලා ජනතාව පවසන්නේ රයිගමයත් ගියා ගම්පලයත් ගියා කියායි.

ඔබ ඔබේ යුතුකම ඉටුකළා. මෙම රැස්‌වීම කතා තුනකට සීමා කළා. ඊට හේතුව එළඹෙන ජුලි මාසයේ අපේ ජයග්‍රහණය නැවතත් තහවුරු කිරීම සඳහා වැඩ කටයුතු කිරීමට යන්න තිබෙන නිසා බව කිව යුතුයි. අප්‍රේල් මාසයේ 23 වැනිදායින් පසු පාර්ලිමේන්තුව විසුරුවා හරින නිසා අපේ ජයග්‍රහණය නැවත තහවුරු කිරීමට වැඩ කටයුතු කරන්නට තිබෙනවා. පාර්ලිමේන්තුව විසුරුවා හරින්නේ අලුත් පාර්ලිමේන්තුවක්‌ ඇති කිරීමටයි. එම මැතිවරණයේදී වෙන වෙනම ඉදිරිපත් වීමට අප තීරණය කර තිබෙනවා. එම මැතිවරණයේදී එක්‌සත් ජාතික පක්‍ෂයට බහුතර ආසනයක්‌ ලබාගැනීමට වැඩ කටයුතු කරමු. ඉන් අනතුරුව ශ්‍රීලනිප පක්‍ෂ ඇතුළු අනෙකුත් සියලු දෙනා සමඟ එක්‌වී ජාතික ආණ්‌ඩුවක්‌ ඇතිකර ගමු.

බොහෝ කාලෙකට පසු පෙරේදා අපේ රටේ සියයට 99 ක්‌ වෙනුවෙන් අයවැයක්‌ ඉදිරිපත් කළා. ඒ අයවැය ඉදිරිපත් කළේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යටතේ අපේ අලුත් ආණ්‌ඩුව බව කිව යුතුයි. මේ අයවැයෙන් සහන ලැබුවේ ජනතාවයි. පසුගිය වකවානුවේ ඉදිරිපත් කළ අයවැයෙන් සිදුවූයේ ජනතාවට ජීවත්වන්නට බැරි තරම් බදු බර වැඩි කිරීමයි. සාමාන්‍ය ජනතාව ඇතුළු මධ්‍යම පංතිය ද ජීවත්වුණේ ඉතා අමාරුවෙන්. ගමේ ආදායම සම්පූර්ණයෙන් කඩා වැටුණා. 1% කට ඕනේ තරම් වරදාන, වරප්‍රසාද ලැබුණා, සහන ලැබුණා.

රට තුළ ප්‍රශ්න ගණනාවක්‌ තිබෙනවා. ඒ සියලු ප්‍රශ්න විසඳන්නට පෙර ජනතාවගේ බඩ පිරවීම වැදගත්. රාජපක්‍ෂ රෙජිමය කිsසිදු අනුකම්පාවකින් තොරව බදු බර දැමුවා. වැට්‌ බදු, තීරු බදු ඇතුළු සියලු බදු වැඩි කළ අතර රීලෝඩ් බද්ද ද වැඩි කළා.

ජනතාවට සහන ලබා දෙන මෙන් අපි ඉල්ලා සිටිය ද ඒවාට ඇහුම්කන් නොදී සහන ලබාදීම ප්‍රතික්‍ෂේප කළා. එනමුත් අවුරුදු 10 ට පසු ජනතාවට අහිමි වූ සහන ලබාදීමට අපි පියවර ගෙන තිබෙන බව මා කියන්නට කැමතියි.

තමන්ට සහය දුන් ජනතාවට, දුක්‌ විඳින ජනතාවට සහන නොදීම පෙරේතකමයි. රාජපක්‍ෂ රෙජිමයේ ආර්ථිකය හරිම පෙරේත ආර්ථිකයක්‌. එම ආර්ථිකයේ කපුවයි, කට්‌ටඬියයි වන්නේ පී. බී. ජයසුන්දරයි, අජිත් නිවාඩ් කබ්රාලුයි.

රාජපක්‍ෂ රෙජිමයේ පෙරේත ආර්ථිකයට කට්‌ටඬියෝ පමණක්‌ නොව හතර වරම් දෙවිවරුන් සිටි බව කිව යුතුයි. එම හතර වරම් දෙවිවරු වනුයේ සුමල් පෙරේරා, නිමල් පෙරේරා, ධම්මික පෙරේරා හා පතිරගේ යන අයයි. සාමාන්‍ය ජනතාව දුක්‌ විඳින විට මේ හතර වරම් දෙවිවරු රාජපක්‍ෂ මහතාගේ පෙරේත ආර්ථිකය ආරක්‍ෂා කළා. එක්‌ එක්‌ පුද්ගලයන් ආර්ථිකය තමන්ගේ අතට පත්කරගෙන කැසිනෝ ව්‍යාපාරය, එතනෝල් ව්‍යාපාරය පටන් ගත්තා.

මේ කැසිනෝ බලතල තුනම ඉවත් කිරීමට අපි තීරණය කළා. තමන් ලංකාවට නොපැමිණෙන බව ජාත්‍යන්තර කැසිනෝ රජා වන ඡේම්ස්‌ පැකර් පවසා තිබෙනවා. තමන්ට ලංකාවට පැමිණෙන ලෙස ආරාධනා කළේ කවුරුන්ද යන්න මා අසන්නට කැමතියි. මේ ආත්මයට ඔහුට ලංකාවට පැමිණීමට ඉඩ නැත. එවන් කැසිනෝ ආර්ථිකයක්‌ අපට කිසිසේත් අවශ්‍ය වන්නේ නැහැ.

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ නායකවරයා වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩ කටයුතු කරගෙන යනවා. අපි සියල්ල එක්‌වී මේ වැඩ කටයුතු ඉදිරියට ගෙනයනවා. මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ නායකවරයා වශයෙන් පත්වීම හොඳ ක්‍රියාවක්‌. සමහර අය ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය තුළ සිට වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීමට උත්සාහ කරනවා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ඒ දේ බලාගනීවි. ඒ ගැන මම කතා කරන්නේ නැහැ.

අපි මූලික වැඩ කටයුතු ඉටුකළා. මගේ ඉල්ලීම පිළිඅරගෙන ඔබ සියලු දෙනාම ගමට ගිහින් වැඩ කටයුතු කළා. අපේ රට විදේශ ණය ගෙවීමට තිබෙන ප්‍රමාණය ගැන පැවසුවහොත් ඔබට ක්‌ලාන්තය හැදේවි. සියලු පාර්ශ්වයන්ට එකම මොහොතේ සෑහීමකට පත්කරන්නට බැහැ. පියවරෙන් පියවරට ඉදිරියට යා යුතුයි. එවිට රටේ ප්‍රශ්න විසඳීමට අපට පුළුවන්. ණය බරින් රට මුදාගැනීම ද අපේ යුතුකමක්‌.

සමහර තැන්වල µයිල් පිට µයිල් ගෙනිහින් තිබෙනවා. ඒවා තුළ තිබුණෙ කුමක්‌ද කියා කවුරුවත් දන්නේ නෑ. ජනාධිපති මන්දිරයේ තිබුණු වාහන 500 ක්‌ සොයාගැනීමටත් බැහැ කියා වාර්තා වනවා. මෙවන් ප්‍රශ්න රාශියක්‌ මැද්දේ අපි රට භාරගත්තේ.

ප්‍රජාතන්ත්‍රවාදය යළි ඇති කිරීම සඳහා ව්‍යවස්‌ථා සංශෝධනයක්‌ ගෙනඒමෙන් වැඩ කටයුතු කර ගෙන යනවා. රටේ ප්‍රශ්න විසඳීම සඳහා ජයග්‍රාහී මාර්ගය විවෘත කර දුන් ඔබ සියලු දෙනාටම මම මාගේ ස්‌තුතිය පුදකර සිටිනවා. අපි එළඹෙන මහ මැතිවරණය ජයග්‍රහණය කරමු. එවිට තමයි මේ දරුවන්ට හොඳ අනාගතයක්‌ උදාවෙන්නේ. ඔබ පවසන පරිදි මා දරුවන් වඩාගෙන ඉඹින්නෙ නැහැ. ඒ නමුත් දරුවන් ගැන බැලීමට වෙනම අමාත්‍යාංශයක්‌ ඇති කර තිබෙනවා.

වැවිලි කර්මාන්ත ඇමැති සහ පාර්ලිමේන්තු සභානායක අධිනීතිඥ ලක්‍ෂ්මන් කිරිඇල්ල, අමාත්‍ය හලීම්, මහනුවර නාගරික මන්ත්‍රී කේසර සේනානායක සහ පළාත් සභා මන්ත්‍රී ලකී ජයවර්ධන යන මහත්වරු ඇතුළු තවත් කිහිපදෙනකුම කතා කළහ.

Last modified on Monday, 02 February 2015 08:34

Leave a comment

 

ld add copy

Gossip

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

 සජිත් ඇමැති මණ්ඩලය පත් කරන්නේ පොරොන්දම් බලලලු

 සජිත් ඇමැති මණ්ඩලය පත් කරන්නේ පොරොන්දම් බලලලු

සජිත් ප්‍රේමදාස එළැඹෙන ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කර ඔහු පිහි‍ටුවන ආණ්ඩුවේ අගමැතිවරයා සහ ඇමැති මණ්ඩලය...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

ක්‍රීඩා

Connet With Us