තෙල් මිළ අඩු වීම නිදහස් දිනය දා

Published in පුවත්
Tuesday, 20 January 2015 20:52

තෙල් මිළ අඩු වීම නිදහස් දිනය දා ප්‍රකාශයට පත් කරන බව ප්‍රකාශ කරයි. ඉන්ධන මිල සම්බන්ධයෙන් නව මිල සූත්‍රයක් හඳුන්වා දීමට මේ වන විට කටයුතු කරමින් සිටින බවත් මේ වන විට පසුගිය ආණ්ඩුව විසින් ඉන්ධන සඳහා අධික බදු පනවා ලෝක වෙළඳ පොළේ තෙල් මිළ අඩු වීමට සාපේක්ෂව මිළ අඩු කිරීම සිදු නොකළ බවත් ඔහු පෙන්වා දෙයි.

එම නිසා ලෝක තෙල් මිළ අඩු වන විට මෙරට තෙල් මිළ අඩුවීමටත් එම මිළ වැඩි වන විට මිළ වැඩී වීමටත් සාධාරණව ආණ්ඩුවේ බල පෑමෙන් නිදහස්ව ක්‍රියාත්මක වන මිළ සූත්‍රයක් හඳුන්වා දීම නුදුරේම සිදුවන බවත් දැනට පවතින තත්වය යටතේ පෙට්‍රල් ඩීසල් හා භූමි තෙල් මිළ අඩු වීම සිදුවනු ඇති බවත් ඔහු පැවැසීය

මේ අතර ලංකා විදුලිබල මණ්ඩලය සහ ඛනිජ තෙල් සංස්ථාව රටේ ආර්ථිකය විනාශ කරන බහිරවයින් නොව ආර්ථිකය ගොඩනගන දේවතාවන් බවට පත්කළ යුතු බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ එම ආයතනවල සේවකයින් අද(20) මුණගැසී සාකච්ඡා කළ අවස්ථාවේදීය. එම ඉලක්කය සාර්ථක කරගැනීම සඳහා සියලූදෙනා අවංකව කටයුතු කිරීම අත්‍යවශ්‍ය බවය.

විදුලිය, තෙල් සහ ගෑස් සඳහා විධිමත් මිල සූත‍්‍රයක් ළඟදීම හඳුන්වාදෙන බවද අමාත්‍යවරයා කියා සිටියා.

'මේ ක්ෂ්ත්‍රයේ පසුගිය රජය කරපු ලොකුම වරද තමයි මේ ක්ෂ්ත්‍රය මුල්‍ය ක්ෂ්ත්‍රයත් සමග එකට පටලවලා පාලනය කිරීමයි. ඛනිජ තෙල් සදහා නිශ්චිත මිල සුත්‍රයක් හදුන්වා දෙනවා.

එවිට ජනතාවටත් තේරෙනවා. අපටත් තේරෙනවා. ඒ මිල සුත්‍රය ඉතා කඩිනමින් ඔබෙත් සහයෝගයෙන් යුතුව ඉදිරිපත් කරනවා. කලිනුත් මිල සුත්‍රයක් තිබුනා ආසියානු සංවර්ධන බැංකුව ලබා දුන්න. අපේ ජනතාවට ඡන්දයේදී පොරොන්දු වුනු සහගහන ඩිසල් පෙට්‍රල් බදු ඉවත් කරලා සහනය අපි අනිවාර්යෙන්ම ලබා දෙනවා.

ඛනිජ තෙල් සංස්ථාව කාර්යක්ෂම නවීන ආයතනයක් බවට පරිවර්තනය කරනවා.'යි යනුවෙන්ද ඔහු මෙහිදී පැවැසීය

Last modified on Tuesday, 20 January 2015 22:07

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

ක්‍රීඩා

SL vs AUS 2nd Test: තරගයේ දෙවන දිනය අදයි

SL vs AUS 2nd Test: තරගයේ දෙවන දිනය අදයි

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අද (07) ක්‍රියාත්මක...

Connet With Us