පියපුතු රුව සහිත ඔරලෝසු තොගයේ වටිනාකම දෙකෝටි හැටපන් ලක්‍ෂයක්‌

Published in පුවත්
Tuesday, 20 January 2015 07:53

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ යන මහත්වරුන්ගේ රුව ඇතුළත් කර මෙරටට ගෙන්වා තිබූ ඔරලෝසු තොගයේ වටිනාකම රුපියල් දෙකෝටි හැටපන් ලක්‍ෂයක්‌ පමණ වන බවට ගණන් බලා ඇත.

මෙම ඔරලෝසු 68,000 සපුගස්‌කන්ද ප්‍රදේශයේ ගබඩාවක තිබී පොලිසිය මගින් පෙරේදා (18 වැනිදා) සොයාගෙන තිබිණි. තවත් එවැනි ඔරලෝසු 2,500 ක්‌ ඊයේ (19 වැනිදා) වීරකැටිය ඉඟුරුමුලන ප්‍රදේශයේ තිබී වීරකැටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි අජිත් රෝහණ මහතා ඊයේ පොලිස්‌ මූලස්‌ථානයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

මෙම ඔරලෝසු තොගය මෙරටට ගෙන්වූ ව්‍යාපාරිකයාගෙන් පොලිසිය ප්‍රශ්න කිරීමේදී චීනයේ ලියටොනික්‌ නමැති ප්‍රදේශයෙන් ඇමරිකන් ඩොලර් එක්‌ලක්‍ෂ අනූනවදහසක මුදලකට මිලදී ගෙන මෙරටට ගෙන්වූ බව ඔහු පිළිගෙන ඇත.

ඔරලෝසු තොගය මෙරටට ගෙන්වීමේදී නියමාකාරයෙන් රේගුවට බදු ගෙවා ඇති ද යන්න සහ කාගේ අවශ්‍යතාවට ගෙන්වූවාද යන්න වැඩිදුරටත් විමර්ශනය කරගෙන යන බවද අජිත් රෝහණ මහතා පැවසීය.

මෙවැන් ඔරලෝසූ විශාල ප්‍රමාණයක් ජනාධිපතිවරණ සමයේදි රට පුරා බෙදා හැරීමට කටයුතු කර තිබුණි

Last modified on Tuesday, 20 January 2015 07:54

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us