ඡන්දෙන් පස්‌සේ මහ හොරු පනස්‌ ගණනක්‌ රට පැනලා!

Published in පුවත්
Tuesday, 20 January 2015 07:42

මහා පරිමාණ මූල්‍ය වංචා විවිධ දූෂණ සහ අපරාධවලට සම්බන්ධ දේශපාලනඥයන් ඇතුළු බලවතුන් රටින් පැන යැම වැළැක්‌වීම සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස මහජන සාමය හා ක්‍රිස්‌තියානි කටයුතු ඇමැති ජෝන් අමරතුංග මහතා ආගමන විගමන දෙපාර්තමේන්තුවට නියෝග කර ඇත.

විවිධ මූල්‍ය වංචා සහ මහා පරිමාණ අපරාධවලට සම්බන්ධ දේශපාලනඥයන් සහ බලවතුන් හොර රහසේම රටින් පැන යැම ආරම්භ කර ඇති නිසා මෙම ක්‍රියාමාර්ගය ගැනීමට සිදුවී ඇති බව අමරතුංග මහතා වැඩිදුරටත් කියා සිටියේය.

රුපියල් කෝටි ගණනින් මුදල් වංචා කිරීම් ඇතුළු අපරාධ ගණනාවකට සම්බන්ධ දේශපාලනඥයන් රජයේ නිලධාරීන් සහ විවිධ බලවතුන් පිළිබඳ තොරතුරු මේ වන විටත් ගුවන්තොටුපළ බුද්ධි අංශ සහ ආගමන විගමන නිලධාරීන් වෙත ලබාදී ඇති බවද හෙතෙම පවසයි. මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපතිවරණය පරාජයට පත් වූදා සිට රටේ විවිධ අපරාධවලට සම්බන්ධ වූ දේශපාලනඥයන් සහ බලවතුන් පනස්‌ දෙනකු පමණ රටින් පලාගොස්‌ ඇති බව වාර්තා වී ඇත.

 

- divaina

Last modified on Tuesday, 20 January 2015 07:45

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us