අලුත් ආණ්ඩුවේ ප්‍රථම ‍රැස්වීම අද

Published in පුවත්
Tuesday, 20 January 2015 08:13

නව ආණ්ඩුවේ ප්‍රථම පාර්ලිමේන්තු රැස්‌වීම අද (20 දා) පැවැත්වෙන අතර එහිදී නව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශේෂ ප්‍රකාශයක්‌ සිදු කිරීමට නියමිතය.

වෙනදා මෙන් අද පාර්ලිමේන්තු විවාද නොපැවැත්වෙන අතර පක්‍ෂ නායකයන් විසින් නව දේශපාලන තත්ත්වයන් හා සිය ස්‌ථාවරය පිළිබඳව කෙටි දෙසුම් පැවැත්වීමට නියමිතය.

අද නව පනත් හෝ සංශෝධන කිසිවක්‌ ඉදිරිපත් නොවන බවත් කතානායක, නියෝජ්‍ය කතානායක සහ නියෝජ්‍ය කාරක සභා සභාපති යන ධුර කිසිවක වෙනසක්‌ නොවන බවත් වාර්තා වේ.

නව රජයේ ආණ්‌ඩුපක්‍ෂ ප්‍රධාන සංවිධායක ලෙස ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක, සභානායක ලෙස වැවිලි කර්මාන්ත ඇමැති ලක්‍ෂ්මන් කිරිඇල්ල මහත්වරු ද පත්ව සිටින අතර නව විපක්‍ෂ නායක සහ විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක වශයෙන් පිළිවෙළින් නිමල් සිරිපාල ද සිල්වා, ජෝන් සෙනෙවිරත්න යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ද පත්ව සිටී.

Last modified on Tuesday, 20 January 2015 08:21

Leave a comment

ld add copy

Gossip

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

Connet With Us