දුරකතන ඇමතුම්වලින් ප්‍රවේශම්වන්න

Published in පුවත්
Wednesday, 16 July 2014 08:18

අමෙරිකානු ඩොලර් 5000 ක දිනුමක් හිමිවී ඇතිබව සදහන් කරමින් ජංගම දුරකථනවලට ඇමතුම් ලබා දෙන යම් පිරිසක් ජංගම දුරකථන භාවිතා කරන්නන් සිය ගණනකින් පෞද්ගලික තොරතුරු ඉල්ලා සිටිමක් සම්බන්ධයෙන් පොලිස් විමර්ශනයක් ආරම්භ කොට ඇත.

කුරුණෑගල ප‍්‍රදේශයේ පිරිසකට එවන් ඇමතුම් රාශියක් ලැබී ඇති බවත් ඒ සම්බන්ධයෙන් වයඹ පළාත්භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජගත් අබේසිරිගුණවර්ධන මහතාට පැමිණිළි ලැබී තිබෙන බවත් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක අජිත් රෝහණ මහතා පැවසී ය.

ලොතරැයි දිනුම් ඇදුනේයැයි සඳහන් කරමින් යම් ඇමතුමක් ලැබුණ විට ඒ ඇමතුමට රැවටී තම පෞද්ගලික තොරතුරු ලබා නොදෙන ලෙස අජිත් රෝහණ මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

මෙහිදී තම පුද්ගලික තොරතුරු යම් පුද්ගලයෙකුට අවභාවිතා කරන්නට ඇති ඉඩකඩක් නිර්මාණය වන බැවින් අදාල දුරකථන සමාගමට ඇමතුමක් ගෙන එම ඇමතුමේ නිවැරදි බව පරීක්‍ෂා කරන ලෙස අජිත් රෝහණ මහතා වැඩිදුරටත් මහජනතාවගෙන් ඉල්ලා සිටි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us